ප්‍රමුඛ පුවත 1

2017 ජාතික අත්පිටපත් තරඟය

(උදයම්.කොළඹ)  –  2017 ජාතික අත්පිටපත් තරඟය සඳහා නිර්මාණ භාරගැනීම  ආරම්භ කර ඇති බව සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව පවසයි.

ප්‍රමිතියකින් යුතු සිංහල නවකතා, කෙටිකතා, පද්‍ය සංග්‍රහ, ළමා කතා සහ සාහිත්‍ය, ඉතිහාසය, සංස්කෘතිය, පුරාවිද්‍යාව, කළාව, සෞන්දර්ය, ජනශ්‍රැති යන විෂයන්ට අදාළ ශාස්ත්‍රීය හෝ පර්යේෂණ ග්‍රන්ථ රාජ්‍ය මට්ටමින් ප්‍රකාශයට පත් කරන නවක ලේඛක ලේඛිකාවන් දිරිමත් කිරීම  මෙම අත්පිටපත් තරඟයේ අරමුණ වී තිබේ.
ලබන මැයි මස 31 වනදා දක්වා නිර්මාණ භාර ගැනීම සිදු කෙරේ.

තරඟකරුවෙකුට එක් තරඟ  ශිර්ෂයක් යටතේ එක් නිර්මාණයක් පමණක් ඉදිරිපත් කළ හැකි බව සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

මේ පිළිබඳ වැඩි විස්තර සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවේ www.culturaldept.gov.lk වෙබ් අඩවියෙන් හෝ 011 2 882 667 යන දුරකතන අංකයෙන් ලබාගත හැක.

Related posts

‘සියොන්’ දේවස්ථානය වෙත ප්‍රහාරකය පැමිණි යතුරුපැදිය සොයා ගනී

Mohamed Dilsad

අග්‍රාමාත්‍යවරයාට එරෙහිව ගෙන එන විශ්වාසභංගයට ආණ්ඩුවේ සහය

Mohamed Dilsad

විදුහල්පති පුරප්පාඩු පිරවීමට අධ්‍යාපන අමාත්‍යාංශයෙන් වැඩපිළිවෙලක්

Mohamed Dilsad

Leave a Comment