ප්‍රමුඛ පුවත 1

2017 ජාතික අත්පිටපත් තරඟය

(උදයම්.කොළඹ)  –  2017 ජාතික අත්පිටපත් තරඟය සඳහා නිර්මාණ භාරගැනීම  ආරම්භ කර ඇති බව සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව පවසයි.

ප්‍රමිතියකින් යුතු සිංහල නවකතා, කෙටිකතා, පද්‍ය සංග්‍රහ, ළමා කතා සහ සාහිත්‍ය, ඉතිහාසය, සංස්කෘතිය, පුරාවිද්‍යාව, කළාව, සෞන්දර්ය, ජනශ්‍රැති යන විෂයන්ට අදාළ ශාස්ත්‍රීය හෝ පර්යේෂණ ග්‍රන්ථ රාජ්‍ය මට්ටමින් ප්‍රකාශයට පත් කරන නවක ලේඛක ලේඛිකාවන් දිරිමත් කිරීම  මෙම අත්පිටපත් තරඟයේ අරමුණ වී තිබේ.
ලබන මැයි මස 31 වනදා දක්වා නිර්මාණ භාර ගැනීම සිදු කෙරේ.

තරඟකරුවෙකුට එක් තරඟ  ශිර්ෂයක් යටතේ එක් නිර්මාණයක් පමණක් ඉදිරිපත් කළ හැකි බව සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

මේ පිළිබඳ වැඩි විස්තර සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවේ www.culturaldept.gov.lk වෙබ් අඩවියෙන් හෝ 011 2 882 667 යන දුරකතන අංකයෙන් ලබාගත හැක.

Related posts

නිශාන්ත උළුගේතැන්න නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී ධූරයට.

Mohamed Dilsad

කිතුල් වගාව ව්‍යාප්ත කිරීමට වැඩපිළිවෙලක්

Mohamed Dilsad

අමාත්‍යාංශ 06කට නව ලේකම්වරුන් පත් කරයි

Mohamed Dilsad

Leave a Comment