විදෙස්

ට්‍රම්ප් ඉතාලි සංචාරයකට සුදානම්

(උදයම්,ඇමරිකා)  – ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්  ඉතාලියේ සංචාරය කිරීමට නියමිතය.

ජනාධිපතිවරයා මේ වසරේ මැයි මාසයේ ඉතාලියේ පැවැත්වෙන ජී හත සමුළුවට සහභාගිවන බව ධවල මන්දිරය නිවේදනය කරයි.

ලොව ප්‍රධානතම කාර්මික රටවල් හතේ ජී හත සමුළුව මැයි මාසයේ ඉතාලියේ සිසිලි දිවයිනේදී පැවැත්වීමට නියමිතය.

ජනාධිපති පදවියට පත්වීමෙන් පසු ට්‍රම්ප් යුරෝපා මහද්වීපයට පැමිණෙන ප්‍රථම අවස්ථාව මෙයවේ.

ට්‍රම්ප් ජනාධිපතිවරයා ඉතාලි අගමැතිවරයා වෙත දුරකථන ඇමතුමක් ලබාදී තම පැමිණීම සහතික කල බව ධවල මන්දිරය සඳහන් කළේය.

ඩොනල්ඩ් ට්‍රම්ප් විසින්  පැනවූ සංචාර තහනම හේතුවෙන් මේ වනවිට යුරෝපා සංගමය සහ ඇමරිකා එක්සත් ජනපදය අතර රාජතාන්ත්‍රික අර්බුදයක් පැන නැගී තිබේ.

Related posts

දකුණු කොරියානු හිටපු ජනපතිනියට එරෙහිව අධිචෝදනා ගොනු කරයි

Mohamed Dilsad

ගුවන්යානයක් කඩා වැටීමෙන් 17 දෙනෙකු මරුට

Mohamed Dilsad

යුක්‍රේනය සහ රුසියාව සාකච්ඡාවලට සූදානම්

Mohamed Dilsad

Leave a Comment