ප්‍රමුඛ පුවත 1

නත්තල් දිනට සමගාමීව මුද්දර දෙකක් නිකුත් කෙරේ

(UTV|මහනුවර) – තැපැල් තැපැල් සේවා හා මුස්ලිම් ආගමික කටයුතු අමාත්‍ය ගරු එම් .එච් .ඒ .හලීම් මතිතුමාගේ ප්‍රදානත්වයෙන් මහනුවර ශාන්ත අන්තෝනි දේවස්තානායේ නත්තල් දිනට සමගාමීව මුද්දර දෙකක් නිකුත් කර තිබේ.

පළමු කවර මුද්දය අග රද ගුරු වියානි ෆෙනාන්ඩු තුමා වෙත ගරු එම් .එච් .ඒ හලීම් මතිතුමා විසින් පිරිනමනු ලැබීය.

මේ අවස්ථාවේදී මුද්දර නිර්මාන තරගයෙන් ජයග්‍රහණය කල සිසු සිසුවියන් සඳහා ගරු අමාත්‍ය තුමා විසින් ත්‍යාග සහ සහතික පත් ප්‍රධානය කරන ලදි.

මේ අවස්ථාවට මධ්‍යම පලාත් නියොජ්‍ය තැපැල්පති රාජිත සේනාරත්න ,ක්‍රිස්තියානි කටයුතු දෙපාර්තමේන්තුවේ අද්‍යක්ශක අර්.ගුනවර්දන මහතා සහ ආගමික නායකයන් අතුලු විශාල පිරිසක් සහභාගී විය.

Related posts

අපරාධක් සිදු කිරීමට සුදානම් වූ දෙදෙනෙක් ගිනිඅවි සමඟ අත්අඩංගුවට

Mohamed Dilsad

ගලේවෙල අනතුරකින් එකම පවුලේ සිව් දෙනෙකු මරුට

Mohamed Dilsad

කෝටි 04ක රත්‍රං තොගයක් සමඟ 09ක් අත්අඩංගුවට.

Mohamed Dilsad

Leave a Comment