ප්‍රමුඛ පුවත 1

අපරාධක් සිදු කිරීමට සුදානම් වූ දෙදෙනෙක් ගිනිඅවි සමඟ අත්අඩංගුවට

(උදයම්,ගම්පහ)   –   මීරිගම, කිතලවලාන ප්‍රදේශයේදී ටී 56 ගිනි අවියක් සමඟ පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය පවසයි.

ගම්පහ කොට්ඨාස නීතිය බලගැන්වීමේ ඒකකයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත වැටලීම සිදු කර තිබේ.

එහිදී ඔවුන් සතුව තිබී ටී 56 ගිනි අවිය සඳහා භාවිතා කරන උණ්ඩ 25ක් ද පොලීසිය බාරයට ගෙන ඇත.

සැකකරුවන් මීරිගම ප්‍රදේශයේම පදිංචි 21 හැවිරිදි සහ 41 හිවිරිදි පුද්ගලයින් දෙදෙනෙකි.

ඔවුන් අද අත්තනගල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර මීරිගම පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.

Related posts

දියතලාවේ බස් රථය තුල සිදුවූ පිපිරීම ඇත බෝම්බයක් බවට සැකයක්

Mohamed Dilsad

25 වැනි ආසියානු කලාපීය සංසදයට සහභාගී වන මෙරට දුත පිරිස

Mohamed Dilsad

ජනාධිපති වැඩපිළිවෙළ ගැන කැන්ටබරියේ අගරදගුරු හිමිපාණන්ගේ පැසසුමට [PHOTOS]

Mohamed Dilsad

Leave a Comment