ප්‍රමුඛ පුවත 1

ජනාධිපතිවරයා දකුණු කොරියාව බලා පිටත් වෙයි

(UTV|කොළඹ) – ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මීට සුළු වෙලාවකට පෙර දකුණු කොරියාව බලා පිටත්ව ගොස් තිබේ.
ඒ එමිරේට්ස් ගුවන් සේවයට අයත් EK 348 දරණ ගුවන් යානයෙන් බව අප වාර්තාකරු පැවසීය.
ශ්‍රී ලංකාව හා දකුණු කොරියාව අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ආරම්භ වී වසර 40 ක් සපිරීමට සමගාමීව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ මෙම සංචාරය සිදුවේ.
ජනාධිපතිවරයා  29 වනදා දකුණු කොරියානු ජනාධිපතිවරයා සමඟ සාකච්ඡා පැවැත්වීමට නියමිත අතර එහිදී දෙරට අතර ද්වී පාර්ශවීක සබඳතා තවදුරටත් ශක්තිමත් කර ගැනීම පිළිබඳ අවධානය යොමුවනු ඇති බව විදේශ කටයුතු අමාත්‍යංශය පැවසුවේය.
මෙම සංචාරය තුළදී ශ්‍රී ලංකාව හා දකුණු කොරියාව අතර අවබෝධතා ගිවිසුම් කිහිපයකට අත්සන් තැබීමට ද  නියමිතව  තිබේ.
එමෙන්ම දකුණු කොරියාවේ ව්‍යාපාරික හමුවකට සහ එරට වෙසෙන ශ්‍රී ලාංකික ප්‍රජාව හමුවීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සැළසුම් කර ඇති බව වාර්තාවේ.

Related posts

මීල සුත්‍රයට අනුව ඉන්ධන මීල වැඩි වෙයි !

Mohamed Dilsad

ත්‍රිකුණාමලයේ ඩෙංගු මඩින්න රුපියල් මිලියන 05 ක්

Mohamed Dilsad

ජනපති ඉන්දියාව බලා පිටත් වෙයි

Mohamed Dilsad

Leave a Comment