Trending News

තෙවන වරටත් ශී‍්‍ර ලංකාවට World No Tobacco Day සම්මානය

(UTV|කොළඹ) – මද්‍යසාර සහ දුම්කොළ භාවිතය අවම කිරීමට කැපවන සංවිධාන සහ පුද්ගලයින් ඇගයීමට ලක් කරමින් ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් වාර්ෂිකව පිරිනමනු ලබන විශේෂිත ඇගයීම් සම්මානය වන World No Tobacco Day සම්මානයෙන් ශී‍්‍ර ලංකාව තෙවන වරටත් පිදුම් ලබයි.

මෙවර එම සම්මානය දුම්කොළ හා මද්‍යසාර පිළිබඳ අධිකාරියට හිමිව ඇති අතර ඊයේ (23) පෙරවරුවේ බත්තරමුල්ල වෝටර්ස් ඒජ්හි දී ලෝක සෞඛ්‍ය සංවිධානයේ නැගෙනහිර ආසියා කලාපයේ ප‍්‍රාදේශීය අධ්‍යක්ෂිකා ආචාර්ය පුනම් කෙට්ට‍්‍රාපල් සිං මහත්මිය විසින් සම්මානය නිල වශයෙන් ජනාධිපතිවරයා වෙත භාරදුන්නාය.

ජනාධිපතිවරයා විසින් එම සම්මානය දුම්කොළ හා මද්‍යසාර පිළිබඳ අධිකාරියේ සභාපති පාලිත අබේකෝන් මහතා වෙත පිළිගැන්වීය.

සෑම වසරකම ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ලෝක සෞඛ්‍ය සංවිධානයේ කලාප 06 කින් මද්‍යසාර සහ දුම්කොළ මර්දනයට කටයුතු කරනු ලබන පුද්ගලයින් සහ සංවිධාන ඇගයීමට ලක් කරමින් මෙම සම්මානය පිරිනමනු ලබන අතර මද්‍යසාර හා දුම්කොළ භාවිතය ක‍්‍රමානුකූලව අඩු කිරීමෙන් ඒවා භාවිතයෙන් වන හානිය අවම කර සියලූ ශී‍්‍ර ලාංකිකයින්ගේ යහපැවැත්ම තහවුරු කිරීමට ගෙන ගිය වැඩපිළිවෙළ උදෙසා ජනාධිපතිවරයා සෞඛ්‍ය අමාත්‍යවරයා ලෙස 2014 වසරේදී එම සම්මානයෙන් පිදුම් ලැබීය. 2016 වසරේදී සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා වෙත එම සම්මානය පිරිනැමිණි.

මෙහිදී අදහස් දැක්වූ නැගෙනහිර ආසියා කලාපයේ ප‍්‍රාදේශීය අධ්‍යක්ෂිකා ආචාර්ය පුනම් කෙට්ට‍්‍රාපල් සිං මහත්මිය ප‍්‍රකාශ කළේ මද්‍යසාර හා දුම්කොළ භාවිතය පාලනය කිරීමට කැපවීම පිළිබඳ අද ශී‍්‍ර ලංකාව ලෝකයේ ආදර්ශවත් රටක් බවට පත්ව ඇති බවයි.

 

 

Related posts

Phase 3 Trial of Dengue Vaccine Candidate at the American Society of Tropical Medicine and Hygiene (ASTMH)

Mohamed Dilsad

உருளைக்கிழங்கு, வெங்காய உற்பத்தியாளர்களை பாதுகாப்பதற்கு குழு

Mohamed Dilsad

Navy apprehends 6 persons engaged in illegal activities

Mohamed Dilsad

Leave a Comment