ප්‍රමුඛ පුවත 1

සා/පෙළ සිසුන් සඳහා හැඳුනුම්පත් ලබාදීමේ විශේෂ එක්දින සේවාවක්

(UTV|කොළඹ) – 2017 වසරේ අ.පො.ස (සා/පෙළ) විභාගයට පෙනී සිටීමට නියමිත, මෙතෙක් හැඳුනුම්පත් ලබා නොමැති පාසල් සිසුන් සඳහා හැඳුනුම්පත් කඩිනමින් ලබා දීමේ විශේෂ වැඩසටහන් ලබන 25 දා පෙ.ව. 8.30 සිට ප.ව. 4.30 දක්වා බත්තරමුල්ල සුහුරුපායේ පිහිටි පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්මේන්තුවේ දී පැවැත්වේ.

අ.පො.ස (සා/පෙළ) විභාගයට පෙනි සිටින ඉල්ලුම්කරුවන් සඳහා පමණක් මෙම විශේෂ එක්දින සේවය පවත්වනු ලබන අතර, දැනටමත් දෙපාර්තමේන්තුව වෙත ඉල්ලුම්පත් යොමු කර ඇති පාසල් අයදුම්කරුවන්ට හැඳුනුම්පත් සකස් කර මේ වන විට තැපැල් කරමින් පවතී.

 

එක්දින සේවා ගාස්තු වශයෙන් රුපියල් 1000ක් අය කරන අතර, එදිනට පාසල් ඉල්ලුම්කරුවන් පැමිණීම අනිවාර්ය නොවන අතර, ඔහුගේ හෝ ඇයගේ දෙමාපියන් හෝ ඥාතීත්වය තහවුරු කරමින් ග්‍රාම නිළධාරී විසින් සහතික කර ලබාදෙන බලය පැවරිමේ ලිපියක් රැගෙන පැමිණීම ප්‍රමාණවත් බව පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

 

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කරගන්න.REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

 

Related posts

ජනතාව සම්බන්ධීරණ කටයුතු අග්‍රාමාත්‍ය මහජන සම්බන්ධතා අංශය හරහා [VIDEO]

Mohamed Dilsad

රූමස්සලදී අනතුරටපත් නෞකාවේ ඇති ඉන්ධන ඉවත් කිරීම අදත්

Mohamed Dilsad

වැඩබලන අගවිනිසුරු ලෙස බුවනෙක අලුවිහාරේ පත්කෙරේ

Mohamed Dilsad

Leave a Comment