ප්‍රමුඛ පුවත 1

පස්යාල ප්‍රදේශයේ සිදුවූ රිය අනතුරකින් දෙදෙනෙකු මියගොස් තවත් 37 දෙනෙකුට තුවාල

(උදයම්,කොළඹ )  –  කොළඹ – නුවර ප්‍රධාන මාර්ගයේ පස්යාල ප්‍රදේශයේ සිදුවූ රිය අනතුරකින් දෙදෙනෙකු මියගොස් තවත් 37 දෙනෙක් තුවාල ලබති.

තුවාල ලැබුවන් මේවන විට වතුපිටිවල රෝහලේ ප්‍රතිකාර ලබයි.

අද අලුයම 5.30ට පමණ කොළඹ සිට මහනුවර බලා ධාවනය වූ ශ්‍රී ලංගම බස් රථයක් සහ නිට්ටඹුව දෙස සිට පැමිණි ලොරි රථයක් ගැටී බස් රථය පෙරළී යාමෙන් මෙම අනතුර සිදුව තිබේ.

මේ නිසා කොළඹ – නුවර ප්‍රධාන මාර්ගයේ දැඩි රථවාහන තදබදයක්ද පවතින බව වාර්තාවේ.

අනතුරෙන් මියගොස් ඇත්තේ කාන්තාවක් සහ පිරිමි පුද්ගලයෙකු බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කරයි.

තුවාල ලැබුවන් කිහිප දෙනෙකුගේ තත්ත්වය බරපතල බවද වාර්තාවේ.

Related posts

හිටපු ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානීට සහ හිටපු දැව සංස්ථා සභාපතිට බරපතළ වැඩ සහිත දඬුවම් [VIDEO]

Mohamed Dilsad

සරත් ෆොන්සේකා එජාප කෘත්‍යාධිකාරී මණ්ඩලයට

Mohamed Dilsad

මෙරට මරණ දඩුවම පිලිබඳ ජර්මනියෙන් අවවාද

Mohamed Dilsad

Leave a Comment