ප්‍රමුඛ පුවත 1

හිටපු ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානීට සහ හිටපු දැව සංස්ථා සභාපතිට බරපතළ වැඩ සහිත දඬුවම් [VIDEO]

(UTV | කොළඹ) – කොළඹ ත්‍රිපුද්ගල ස්ථිර මහාධිකරණය විසින් හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනගේ හිටපු ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී ආචාර්ය අවි.එච්. කුසුමදාස මහනාම සහ රාජ්‍ය දැව සංස්ථාවේ හිටපු සභාපති පියදාස දිසානායක යන අයට රුපියල් මිලියන 20 ක අල්ලසක් ලබාගැනීමේ චෝදනාවට වරදකරු ලෙස වැඩ සහිත සිරදඬුවම් නියම කළේය.

ඒ අනුව විත්තිකාර මහනාමට බරපතළ වැඩ සහිත වසර 20ක සිර දඬුවම් නියම කළ මහාධිකරණ විනිසුරු මඩුල්ල ඔහුට රුපියල් 65000 ක දඩයක් ද නියම කර තිබේ.

ඊට අමතරව මුදල් දණ්ඩනයක් ලෙස විත්තිකාර මහනාම විසින් අල්ලස් වශයෙන් ලබාගත් රුපියල් කෝටි 2 ක මුදලද ගෙවිය යුතු බවටද නියෝගයේ සඳහන් වේ.

නඩුවේ දෙවන විත්තිකරු ලෙස නම් කර තිබු පියදාස දිසානායකට ද බරපතළ වැඩ සහිත වසර 12ක සිර දඬුවම් නියම කළ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල ඔහුට රුපියල් 55000ක දඩයක් ද නියම කරනු ලැබුවේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

මධ්‍යස්ථානයට ඇති දුර අනුව ඡන්දය ප්‍රකාශ කිරීමට නිවාඩු

Mohamed Dilsad

සංවිධානාත්මක අපරාධකරුවෙකු වන ‘කුඩු දිලීප’ අත්අඩංගුවට

Mohamed Dilsad

ඉකුත් ආණ්ඩුවේ කුරිරු පාලනයක් ගෙන ගිය පුද්ගලයන් නැවතත් කරලියට

Mohamed Dilsad

Leave a Comment