ප්‍රමුඛ පුවත 1

හිටපු නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක රිමාන්ඩ්

(උදයම්,කොළඹ)   –  හිටපු නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කොමදෝරු ඩී.කේ.පී දසනායක මහතා ජූලි 19 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

අද(14) පෙරවරුවේ ඔහු මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ කොටුව මහේස්ත්‍රාත්වරිය නියෝග කර ඇත.

2007 වසරේදී තරුණයිකන් 11 දෙනෙකු පැහරගෙන ගොස් අතුරුදන් කිරීම සම්බන්ධයෙන් හිටපු නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කොමදෝරු ඩී.කේ.පී දසනායක මහතාට එරෙහිව චෝදනා එල්ල වී තිබුණි.

මේ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් පසුගිය බදාදා අත්අඩංගුවට ගත් හිටපු නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා ආරක්ෂක විධිවිධාන මත වැලිසර නාවික හමුදා රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියේය.

එම දෙපාර්තමේන්තුව විසින් සැකකරු සම්බන්ධයෙන්  කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය  වෙත ඊයේ දිනයේ කරුණු දක්වා තිබූණි.

ඒ අනුව වැලිසර නාවික හමුදා රෝහලට ගොස් සැකකරු පරීක්ෂා කර බලා සුදුසු නියෝගයක් නිකුත් කරන ලෙස කොටුව මහේස්ත්‍රාත්වරිය වත්තල මහේස්ත්‍රාත්වරියට දැනුම්දී තිබු බව පොලීසිය පැවසුවේය.

ඩී.කේ.පී දසනායක මහතා අද(14) දිනයේ කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර සුදුසු නියෝගයක් ලබා ගන්නා ලෙස වත්තල මහේස්ත්‍රාත්වරිය කොටුව මහේස්ත්‍රාත්වරියට  දැනුම් දී  තිබුණි.

වත්තල මහේස්ත්‍රාත් පූර්ණිමා පරණගම මහත්මිය ඊයේ පස්වරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත එම නියෝගය ලබාදී ඇත.

ඒ අනුව අද දිනයේ හිටපු නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කොමදෝරු ඩී.කේ.පී දසනායක මහතා ජූලි 19 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොටුව මහේස්ත්‍රාත්වරිය නියෝග කළේය.‍

Related posts

විරෝධතාවක් නිසා ගාලු මුවදොර පිවිසුම් මාර්ගය වසා දමයි.

Mohamed Dilsad

JVP ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු ලබන පළමු වනදා සිට [VIDEO]

Mohamed Dilsad

පළාත් කීපයකට තද වැසි හා සුළං

Mohamed Dilsad

Leave a Comment