ක්‍රීඩා

සිම්බාබ්වේ කණ්ඩායමට ලකුණු 204 ක ඉලක්කයක්

(උදයම්,හම්බන්තොට)   –  සංචාරක  සිම්බාබ්වේ කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන තීරණාත්මක පස්වැනි එක්දින තරඟයේ ශ්‍රීලංකා ඉනිම කඩුලු 08කදී ලකුණු 203 කට සීමා කිරීමට සිම්බාබ්වේ පන්දු යවන්නන් සමත් විය.

කාසිය වාසිය දිනූ සිම්බාබ්වේ කණ්ඩායමේ නායකයා පළමුව පන්දුවට පහර දීමට ශ්‍රීලංකා කණ්ඩායමට ආරාධනා කළේය.

ශ්‍රීලංකා කණ්ඩායම වෙනුවෙන් ධනුෂ්ක ගුණතිලක අර්ධ ශතකයක් වාර්තා කරමින් ලකුණු 52ක් රැස් කළේ පන්දු 86කට මුහුණ දෙමිනි.

ශ්‍රීලංකා ලකුණු පුවරුව ඉහල නැංවීම සදහා හුදෙකලා සටනක නිරත වෙමින් අගනා ඉනිමක් ක්‍රීඩා කළ අසේල ගුණරත්න නොදැවී ලකුණු 59යි.

අසේලගේ ඉනිමට හතරේ පහර 04ක් ඇතුලත් වූ අතර ඔහු මෙම ලකුණු 59ක රැස් කලේ පන්දු 81කට මුහුණ දෙමිනි.

ශ්‍රීලංකා නායක ඇන්ජලෝ මැතිව්ස් පන්දු පන්දු 47කදී හතරේ පහර 04ක් සමගින් රැස්කළ ලකුණු සංඛ්‍යාව 24ක්.

පන්දු යැවීමේදි Sikandar Raza සිය පන්දු වාර 10 තුල ලකුණු 21කට කඩුලු 03ක් බිද දැමුවා.

ඒ අනුව සිම්බාබ්වේ කණ්ඩායමට ජයග්‍රහණය සදහා ලැබී ඇති ඉලක්කය ලකුණු 204 ක්

Related posts

දිල්හාර දූෂණ චෝදනා 3 කට වරදකරු වෙයි

Mohamed Dilsad

ආසියානු කුසලානයේ ප්‍රබල අභියෝගය ගැන බංගලාදේශ ක්‍රීඩකයෙකුගෙන් ප්‍රකාශයක්

Mohamed Dilsad

අප්‍රිකාව සමග විස්සයි-20 ට ශ්‍රී ලංකා සංචිතය නම් කෙරේ

Mohamed Dilsad

Leave a Comment