Trending News

අබ්දුල් අසීස් අල් සෞද් කුමරු ජනපති මුණ ගැසෙයි

(උදයම්,කොළඹ)   –  සෞදි රජ පවුලට අයත් අබ්දුල් අසීස් අල් සෞද් කුමරු අද (04) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති  මෛතී‍්‍රපාල සිරිසේන මහතා හමුවිය.
ශී‍්‍ර ලංකාවේ ආර්ථික සංවර්ධනය පිළිබද මෙහිදී සිය ප‍්‍රසාදය පළකළ අබ්දුල් අසීස් අල් සෞද් කුමරු ශී‍්‍ර ලංකාවේ වෙළෙද සහ සංචාරක ක්ෂේත‍්‍රයේ ආයෝජන අවස්ථා පිළිබද ප‍්‍රමුඛ අවධානයක් යොමු කරන බව ද කියා සිටියේය.

ජාත්‍යන්තර වශයෙන් ඉහළ ආයෝජන සිදුකරන සෞදි ආයෝජකයින් සහ ව්‍යාපාරිකයින් ඉදිරියේදී ශී‍්‍ර ලංකාවේ ආයෝජන අවස්ථා සදහා යොමුකිරීමට අපේක්ෂා කරන බව පැවසූ සෞදි කුමරු එම ආයෝජන අවස්ථා පිළිබද ඔවුන් දැනුවත් කිරීම සදහා ව්‍යාපාරිකයින් පිරිසක් සමග එරටට පැමිණෙන ලෙස ද ජනාධිපතිවරයා වෙත ආරාධනා කළේය.

ශී‍්‍ර ලංකාවේ සෞම්‍ය දේශගුණය, හරිත පරිසරය මෙන්ම සුන්දර වෙරළ තීරය ද, ඓතිහාසික නටඹුන් ද සංචාරක ආකර්ශණය දිනාගෙන තිබෙන අතර ශී‍්‍ර ලංකාව සංචාරක ක්ෂේත‍්‍රය සදහා බොහෝ ඉඩ කඩ තිබෙන රටක් බව ඔහු සදහන් කළේය.

සෞදි අරාබිය අතීතයේ පටන් ශී‍්‍ර ලංකාවේ ආර්ථික සංවර්ධනය වෙනුවෙන් ලබාදෙන සහය මෙහිදී අගය කළ ජනාධිපතිතුමා පසුගියදා ගංවතුරෙන් විපතට පත් ජනතාවට සහන සැළසීම වෙනුවෙන් ලබාදුන් සහය ද ඇගයීමට ලක් කළේය.

එමෙන්ම ශී‍්‍ර ලාංකිකයින් හාරලක්ෂයක් පමණ මේ වන විට සෞදි අරාබියේ සේවය කරන අතර ඔවුන් මෙරට ආර්ථිකයට ලබාදෙන සුවිශාල දායකත්වය ද ජනාධිපතිවරයා සිහිපත් කළේය.

විදේශ කටයුතු අමාත්‍ය රවී කරුණානායක මහතා ද මෙම අවස්ථාවට එක්ව සිටියේය.

[ot-caption title=”” url=”http://www.utvnews.lk/wp-content/uploads/2017/07/PRESIDENT-WITH-SAUDI-KING-UDHAYAM.jpg”]

Related posts

කොළඹ නගර සභාවේ ස්වාධීන මන්ත්‍රී දෙදෙනෙක් මාලිමාවෙන් මුදලට අරගෙන – ස්වාධීන කණ්ඩායම අංක 04න් චෝදනාවක්…?

Editor O

England beat Costa Rica in final World Cup warm-up

Mohamed Dilsad

හිටපු ඇමති රාජිත සේනාරත්න ට වරෙන්තු

Editor O

Leave a Comment