ප්‍රමුඛ පුවත 1

විදුලි පන්දමකින් පහරදී පුද්ගලයකු ඝාතනය කෙරේ

(උදයම්,කැකිරාව)   –  විදුලි පන්දමකින් හිසට පහරදී පුද්ගලයකු ඝාතනය කිරීමේ සිද්ධියක් කැකිරාව ප්‍රදේශයෙන් වාර්තාවේ.

කැකිරාව පොලිස් වසමට අයත් උඩනිදිගම ප‍්‍රදේශයේදී එම පහරදීම සිදුව ඇති බව කැකිරාව පොලිසිය පවසයි.

පෞද්ගලික ආරවුලක් මත ඇති වූ බහින් බස්වීමක් දුරදිග යාමෙන් උඩනිදිගම ප‍්‍රදේශයේ පුද්ගලයකු තවත් පුද්ගලයකුට විදුලි පන්දමකින් පහරදීම සිදුකර ඇත.

තුවාල ලැබූ පුද්ගලයා කැකිරාව රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව වැඩිදුර ප්‍රතිකාර සඳහා අනුරාධපුර මහ රෝහලට මාරු කර යැවීමෙන් පසුව මියගොස් තිබේ.

විදුලි පන්දමෙන් පහරදී ඇතැයි කියන සැකකරු කැකිරාව දිසා මහේස්ත‍්‍රාත් අධීකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසු ලබන 14 වැනිදා දක්වා රක්ෂීත බන්ධනාගාර ගත කර ඇත.

 

Related posts

ඇමෙරිකාව සතු නවීන වෛද්‍ය විද්‍යා තාක්ෂණය ශ්‍රී ලංකාවට

Mohamed Dilsad

ගජ මුතු සමග තිදෙනෙක් අත්අඩංගුවට

Mohamed Dilsad

ලෝක සෞඛ්‍ය සංවිධානය යළි අනතුරු අගවයි

Mohamed Dilsad

Leave a Comment