ප්‍රමුඛ පුවත 1

පිළිකා රෝගීන්ට ජාන තාක්ෂණයෙන් ප්‍රතිකාර

(උදයම්,කොළඹ)   –  පිළිකා රෝගීන්ට ජාන තාක්ෂණයෙන් ප්‍රතිකාර කිරීම සඳහා “කයිරුඩා” නමින් ඖෂධයක් ඇමරිකා එක්සත් ජනපදය නිෂ්පාදනය කර ඇති බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පවසයි.

එමගින් පිළිකාව නිෂ්පාදනය කරන ජානයට ප්‍රතිකාර කරන බව ද ඒ මහතා ප්‍රකාශ කළේ ඊයේ (29) අරලියගහ මන්දිරයේ පැවැති සුව සේවා පත්වීම් ලිපි ප්‍රධානෝත්සවයේ දී ය.

බෝනොවන රෝග අතුරින් පිළිකා රෝගය දෙවන ස්ථානයට පැමිණ තිබෙන බව පෙන්වා දුන් අමාත්‍යවරයා තව වසර කිහිපයක් යනවිට පිළිකාව ප්‍රථම ස්ථානයට පත් වනු ඇතැයි ද සඳහන් කළේය.

ඇමරිකාව විසින් ජාන තාක්ෂණය භාවිත කර ප්‍රතිකාර කිරීමෙන් පිළිකා රෝගීන් සුවපත් වන අතර ඖෂධ කර්මාන්තය ලොකු අර්බුධයකට ලක් වන බවත් ටැබිසුමාට් වැනි පිළිකා ඖෂධ නැති විය හැකි අතර මෙවැනි නූතන වෛද්‍ය විද්‍යාව හදාරන විශේෂඥ වෛද්‍යවරුන්  බිහි කළ යුතු බව ද අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

ජාන තාක්ෂණය භාවිත කරමින් වෛද්‍ය ප්‍රතිකාර කළ හැකි වෛද්‍යවරු 07 ක් සිටින අතර ඔවුන් ලබන අගහරුවාදා කැඳවා වෙනම ඒකකයක් ස්ථාපිත කර ප්‍රතිකාර ක්‍රම ආරම්භ කරන බව ද සේනාරත්න මහතා වැඩිදුරටත් පැවසීය.

Related posts

උතුරු නැගෙනහිර ඉඩම්වලින් 94% ක් මුල් පදිංචිකරුවන්ට

Mohamed Dilsad

2020 කැලැන්ඩර්, දිනපොත් වල අඩුවක්

Mohamed Dilsad

මත්ද්‍රව්‍ය සමඟ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙක් අත්අඩංගුවට

Mohamed Dilsad

Leave a Comment