ප්‍රමුඛ පුවත 1

උතුරු නැගෙනහිර ඉඩම්වලින් 94% ක් මුල් පදිංචිකරුවන්ට

(UTV|යාපනය) – ආරක්ෂක අංශ භාරයේ පැවති උතුරු නැගෙනහිර ඉඩම්වලින් 94% ක් මේ වනවිට මුල් පදිංචිකරුවන්ට මුදා හැර ඇති බව යුද හමුදාව පවසයි.

හමුදා ප්‍රකාශක බ්‍රිගේඩියර් සුමිත් අතපත්තු මහතා සඳහන් කළේ, නිදහස් කළ හැකි තව ත් ඉඩම් අක්කර 522 ක් හඳුනාගෙන ඇති බවයි.

එහෙත් යටිතල පහසුකම්වල පවතින ගැටලුවක් හේතුවෙන් එම ඉඩම් මුල් පදිංචිකරුවන් වෙත ලබාදීම ප්‍රමාද වී ඇති බව ඔහු සඳහන් කළේ ය.

එම ඉඩම් හඳුනාගෙන ඇත්තේ, උතුරු නැගෙනහිර නිදහස් කළ හැකි ඉඩම් පිළිබඳ සොයා බැලීමට පත් කළ කමිටුව විසිනි.

හමුදා ප්‍රකාශකවරයා සඳහන් කළේ, 2009 වසරේ සිට මේ වසරේ ජුනි 30 දක්වා උතුරු නැගෙනහිර ඉඩම් අක්කර 65,133 ක් මුල් පදිංචිකරුවන් වෙත ලබා දී ඇති බවයි.

පසුගිය ජුනි මාසය තුළ ද ඉඩම් අක්කර 58 ක් මුල් පදිංචිකරුවන්ට ලබාදුන් බව ඔහු පැවසුවේ ය.

ජාතික ආරක්ෂාවට තර්ජනයක් නොවන ආකාරයෙන් උතුරු නැගෙනහිර ඉඩම් නිදහස් කිරීම සිදු කරන බව ද හමුදා ප්‍රකාශක බ්‍රිගේඩියර් සුමිත් අතපත්තු මහතා සඳහන් කර තිබේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

 

Related posts

දියතලාවේ බස් රථය තුල සිදුවූ පිපිරීම ඇත බෝම්බයක් බවට සැකයක්

Mohamed Dilsad

2109 අයවැයට කැබිනට් අනුමැතිය

Mohamed Dilsad

ආපදාවට ලක්වූවන්ට ඇමති රිෂාර්ඩ්ගෙන් ඉටුවූ සේවය භික්ෂුන්වහන්සේ අගයයි

Mohamed Dilsad

Leave a Comment