ක්‍රීඩා

මහේල ජයවර්ධන ඉන්දීය ක‍්‍රිකට් කණ්ඩායමේ ප‍්‍රධාන පුහුණුකරු ධුරයට?

(උදයම්,ඉන්දියාව)   –  ඉන්දීය ක‍්‍රිකට් කණ්ඩායමේ ප‍්‍රධාන පුහුණුකරු ධුරයට ශ‍්‍රී ලංකාවේ හිටපු නායක මහේල ජයවර්ධන පත් කර ගැනීමේ සුදානමක් ඇති බව වාර්තාවේ.

ඔහු මේ සඳහා අයදුම් කරනු ඇති බවට ඉන්දීය මාධ්‍ය වාර්තා  කරයි.

පසුගියදා පැවති IPL තරඟාවලියේ ශූරතාව දිනා ගැනීමට මහේලගේ පුහුණුකාරීත්වය යටතේ මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමට හැකි විය.

මහේල අයි පී එල් තරගාවලියක් සඳහා පුහුණුකරුවෙකු ලෙස එක්වූ පළමු අවස්ථාව එයයි.

ඔහු ඊට පෙර එංගලන්ත කණ්ඩායමේ පිතිකරණ උපදේශක ලෙස ද කටයුතු කර තිබේ.

කෙසේ වෙතත් මහේලට අමතරව විරේන්ද්‍ර ශෙවාග් සහ ටොම් මූඩි යන හිටපු ක‍්‍රිකට් ක‍්‍රීඩකයින් ද ඉන්දීය ප‍්‍රධාන පුහුණුකරු ධුරයට අයදුම් කරනු ඇති බව වාර්තාවේ.

නමුත් පසුගියදා ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ සභාපති තිලංග සුමතිපාල පැවසුවේ ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ප‍්‍රධාන පුහුණුකරු ධුරය දැරීමට මහේලට තවමත් අත්දැකීම් නොමැති බවය.

Related posts

දඹුල්ල වයිකින්ග් හිමිකරු අත්අඩංගුවට

Mohamed Dilsad

වෙනස්කම් සහිතව හෙට (08) තරගයට ක්‍රීඩා කරන ශ්‍රී ලංකා 11 මෙන්න..

Mohamed Dilsad

ජේම්ස් ඇන්ඩර්සන් නව ලෝක වාර්තාවක් තබයි

Mohamed Dilsad

Leave a Comment