ප්‍රමුඛ පුවත 1

නිරිත දිග ප්‍රදේශවල වැසි තත්ත්වය තවදුරටත්

(උදයම්,කොළඹ)  –  දිවයිනේ නිරිත දිග ප්‍රදේශවල වැසි තත්ත්වය තවදුරටත් බලාපොරොත්තු විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණු සහ වයඹ පළාත්වල විටින් විට වැසි හෝ ගිගිරුම් සහිත වැසි ඇති වේ. (විශේෂයෙන් උදෑසන සහ රාත්‍රි කාලයේ)සමහර ස්ථාන වල (විශේෂයෙන් කොළඹ, කළුතර, රත්නපුර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල) මි.මි. 50 ක පමණ තරමක් තද වැසි බලාපොරොත්තු විය හැක.

ඌව පළාතේත්, අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවලත් තැනින් තැන සවස 2.00 න් පසුව වැසි හෝ ගිගිරුම් සහිත වැසි ඇති වේ.

ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැක. අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස එම දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටි.

Related posts

ඉනාමලුවේදී බස් රථ අනතුරකින් 10 කු රෝහලේ

Mohamed Dilsad

ජනපති සියළු විශ්ව විද්‍යාල වල උපකුලපතිවරුන් කැඳවයි

Mohamed Dilsad

පළමු පාසල් වාරය ලබන 05 වනදා ඇරඹේ

Mohamed Dilsad

Leave a Comment