ප්‍රමුඛ පුවත 1

වෛද්‍ය රසායනාගාර වෘත්තිකයින්ගේ වාර්ෂික විද්වත් සමුළුව ජනපති ප්‍රධානත්වයෙන්

(UTV|කොළඹ)  –  වෛද්‍ය රසායනාගාර වෘත්තිකයින්ගේ වාර්ෂික විද්වත් සමුළුව ඊයේ (20) පෙරවරුවේ බත්තරමුල්ල, ශ්‍රී ලංකා කාට්සු ජාත්‍යන්තර විශ්වවිද්‍යාල ශ්‍රවණාගාරයේ දී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.
විශිෂ්ට සේවාවක නිරත වූ වෛද්‍ය රසායනාගාර සේවාවේ වෘත්තිකයින් ඇගයීමට ලක් කරමින් සම්මාන පිරිනැමීම ද ජනාධිපතිතුමා අතින් සිදු විය.
සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය ජයසුන්දර බණ්ඩාර, කොළඹ ජාතික රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය අනිල් ජාසිංහ, වෛද්‍ය රසායනාගාර වෘත්තිකයින්ගේ සංගමයේ සභාපති රවී කුමුදේශ් යන මහත්වරුන් ඇතුළු ක්ෂේත්‍රයේ ප්‍රවීණයින්, විද්වතුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

Related posts

දකුණු පළාත් සභා මන්ත්‍රී කසුන් සහ බිරිඳ යළි රිමාන්ඩ්

Mohamed Dilsad

නව යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා වැඩ භාර ගනි

Mohamed Dilsad

ශ්‍රීලනිපයේ මධ්‍යම කාරක සභාවේ අද රැස්වේ

Mohamed Dilsad

Leave a Comment