ප්‍රමුඛ පුවත 1

දකුණු පළාත් සභා මන්ත්‍රී කසුන් සහ බිරිඳ යළි රිමාන්ඩ්

(UTV| කොළඹ) – පෞද්ගලික බස් රථ රියදුරෙකුට පහරදීමේ සිද්ධියකට අත්අඩංගුවට ගත් දකුණු පළාත් සභා මන්ත්‍රී එම්.කේ. කසුන් සහ ඔහුගේ බිරිඳ ලබන මස 03 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කෙරේ.

ඒ, ඔවුන් අද (27) කඩුවෙල මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවය.

පසුගිය 09 වනදා බත්තරමුල්ල – කොස්වත්ත ප්‍රදේශයේදී පළාත් සභා මන්ත්‍රීවරයා සහ ඔහුගේ බිරිඳ ගිනි අවියක් ද අතැතිව මාර්ග අංක 177 කඩුවෙල – කොල්ලුපිටිය බස් රථ රියදුරාට පහරදෙන ආකාරය පුද්ගලයෙකු ජංගම දුරකථනයෙන් පටිගත කර තිබුණි.

අදාල අවස්ථාවේ cctv දර්ශන අධිකරණය වෙත ඉදිරිපත් කරන ලෙස පසුගිය නඩු වාරයේදී පොලිසියට නියෝග කළද ඔවුන් අද දිනයේ එම දර්ශණ ඉදිරිපත් කර තිබුණි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

රට තුල එක නීතියක් ක්‍රියාත්මක වනවා [VIDEO]

Mohamed Dilsad

58වන උදා ගම්මානය ජනතා අයිතියට

Mohamed Dilsad

ඕස්ටේලියාවේදී අත්අඩංගුවට ගත් සිසුවාට ඇප

Mohamed Dilsad

Leave a Comment