ප්‍රමුඛ පුවත 1

තව ටික දිනකින් වැසි ඇතිවන බවට අනාවැකි

(උදයම්,කොළඹ) –  ජනවාරි 20වනදා සිට තරමක් වැසි සහිත කාලගුණ තත්ත්වයක් අපේක්ෂා කළ හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි. විශේෂයෙන් දිවයිනේ උතුරු සහ නැගෙනහිර කොටස්වලට වැසි බලාපොරොත්තු වියහැක.

දිවයිනේ පවතින ශීත කාලගුණ තත්ත්වය තාවකාලිකව අඩු වීමක් අපේක්ෂා කළ හැකි අතර එතෙක් දිවයිනේ බොහෝ පළාත්වල ප්‍රධාන වශයෙන් වැසි රහිතකාලගුණ තත්ත්වය තවදුරටත් අපේක්ෂා කෙරේ.

දිවයිනේ බස්නාහිර, සබරගමුව, දකුණු සහ මධ්‍යම පළාත්වලත් ඇතැම් ප්‍රදේශවලටත් උදේ කාලයේදී මිහිදුම් සහිත තත්ත්වයක් අපේක්ෂා කළ හැක.

දිවයින හරහා විටින් විට පැ.කි.මී. 50ක පමණ තද සුළං බලාපොරොත්තු විය හැකි බවද කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

Related posts

අසාමන්‍ය ලෙස දුම්රිය ගාස්තු ඉහල දමා ඇත්නම් පැමිණිලි කරන්න

Mohamed Dilsad

පළාත් සභා සහ පළාත්පාලන රාජ්‍ය ඇමතිනිය දිවුරුම් දෙයි

Mohamed Dilsad

කලාභූෂණ රාජ්‍ය සම්මාන උලෙළ අද ජනපති ප්‍රධානත්වයෙන්

Mohamed Dilsad

Leave a Comment