ප්‍රමුඛ පුවත 1

තව ටික දිනකින් වැසි ඇතිවන බවට අනාවැකි

(උදයම්,කොළඹ) –  ජනවාරි 20වනදා සිට තරමක් වැසි සහිත කාලගුණ තත්ත්වයක් අපේක්ෂා කළ හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි. විශේෂයෙන් දිවයිනේ උතුරු සහ නැගෙනහිර කොටස්වලට වැසි බලාපොරොත්තු වියහැක.

දිවයිනේ පවතින ශීත කාලගුණ තත්ත්වය තාවකාලිකව අඩු වීමක් අපේක්ෂා කළ හැකි අතර එතෙක් දිවයිනේ බොහෝ පළාත්වල ප්‍රධාන වශයෙන් වැසි රහිතකාලගුණ තත්ත්වය තවදුරටත් අපේක්ෂා කෙරේ.

දිවයිනේ බස්නාහිර, සබරගමුව, දකුණු සහ මධ්‍යම පළාත්වලත් ඇතැම් ප්‍රදේශවලටත් උදේ කාලයේදී මිහිදුම් සහිත තත්ත්වයක් අපේක්ෂා කළ හැක.

දිවයින හරහා විටින් විට පැ.කි.මී. 50ක පමණ තද සුළං බලාපොරොත්තු විය හැකි බවද කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

Related posts

අද්මිරාල් කරම්බීර් සිං අගමැති හමුවෙයි [VIDEO]

Mohamed Dilsad

රටේ ජාතික ආරක්ෂාව තහවුරු කිරීමට කටයුතු [VIDEO]

Mohamed Dilsad

සා පෙළ ප්‍රතිඵල අනිද්දා නිකුත් කෙරේ

Mohamed Dilsad

Leave a Comment