ප්‍රමුඛ පුවත 1

උතුරු අධ්‍යාපන සහ කෘෂිකර්ම අමාත්‍යවරුන්ට ඉල්ලා අස්වන ලෙසට නියෝග

උතුරු පළාත් අධ්‍යාපන අමාත්‍ය ටි.කුරුකුලරාජා ට හා උතුරු පළාත් කෘෂිකර්ම අමාත්‍ය පි.ඓන්ගරනේෂන්ට සිය අමාත්‍යධූරයන්ගෙන් ඉල්ලා අස්වන ලෙසට උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සි.වි.විග්නේශ්වරන්, අදාළ අමාත්‍යවරුන් වෙත අද (14) නියෝග කරයි.

පළාත් අමාත්‍යවරුන්ට එරෙහිව පැවති දූෂණ හා වංචා විමර්ශනය කළ කමිටුවේ පිටු 86 කින් යුතු විමර්ශන කමිටු වාර්තාව පළාත් සභාව වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව විග්නේශ්වරන් මහතා එලෙස නියෝග කර තිබේ.

අදාළ අමාත්‍යවරුන්ට අමතරව පළාත් සභා සෞඛ්‍ය අමාත්‍ය ලෙස කටයුතු කළ පි.සත්‍යලිංගම්ගේ හා උතුරු පළාත් ප්‍රවාහන හා ධීවර අමාත්‍ය ලෙස කටයුතු කළ පි.ඩෙනිශ්වරන්ගේ අමාත්‍යධූරයන්ගෙන්ද අදාළ අමාත්‍යවරුන් වෙත තාවකාලිකව මසක කාලයකට ඉවත් වන ලෙසටද ප්‍රධාන අමාත්‍යවරයා එහිදි පැවසුවේය.

උතුරු පළාත් සභා නියෝජිතයින්ගේ එකඟතාවය මත විශ්‍රාමික විනිසුරු එස්.ත්‍යාගේන්ද්‍රන්, විශ්‍රාමික විනිසුරු එස්.පරමරාජා හා විශ්‍රාමික පරිපාලන සේවා නිළධාරි එස්.පද්නමාදන්ගෙන් යුතු කමිටුවක් විසින් පළාත් අමාත්‍යවරුන්ට එල්ල වි පවතින වංචා හා දූෂණ චෝදනා සම්බන්ධයෙන් විමර්ශනය කරනු ලැබීය.

අදාල වාර්තාව අනුව පළාත් අධ්‍යාපන අමාත්‍යවරයාට හා පළාත් කෘෂිකර්ම අමාත්‍යවරයාට විරුද්ධව පැවති දූෂණ හා වංචා චෝදනා ඔප්පු .
ඒ ඇත.
විමර්ශන කමිටු වාර්තාව පළාත් සභාව වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව පළාත් කෘෂිකර්ම අමාත්‍යවරයාගෙන් හා පළාත් අධ්‍යාපන අමාත්‍යවරයාගෙන් නිදහසට කරුණු විමසු අවස්ථාෙවිදි අදාළ අමාත්‍යවරුන් පැවසූවේ තමන් අදාළ චෝදනාවන් වෙත නිවැරදිකරුවන් වන බවය.

පළාත් සභාව වෙත විමර්ශන කමිටු වාර්තාව ඉදිරිපත් කිරීමෙන් අනතුරුව වාර්තාව සම්බන්ධයෙන් අදහස් දැක්වීම වෙනුවෙන් විපක්ෂයට කිසිදු අවස්ථාවක් ලබානොදුන් බැව්ද උතුරු පළාත් සභා මන්ත්‍රී වි.ජයතිලක පැවසූවේය.

Related posts

ප්‍රබල දමිළ දේශපාලඥයෙකු පොහොට්ටුවට සහය දෙන්න සුදානම්

Mohamed Dilsad

දුම්රිය ආරක්ෂක සේවය සඳහා නව නිලධාරීන් බඳවා ගැනේ

Mohamed Dilsad

ඉදිරි මාස තුනට කතානායක වීමට සුදානම් – වාසුදේව [VIDEO]

Mohamed Dilsad

Leave a Comment