ප්‍රමුඛ පුවත 1

අගමැති පොදු රාජ්‍ය මණ්ඩලයේ මහලේකම් අතර හමුවක්

(උදයම්,ඇමෙරිකාව)  –  නිව්යෝර්ක් නුවර එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත කාර්යාලයට පැමිණි පොදු රාජ්‍ය මණ්ඩලයේ මහලේකම් පැට්‍රීෂියා ස්කොට්ලන්ඩ් (Hon Patricia Scotland) මහත්මිය, ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හමුවිය.

පොදු රාජ්‍ය මණ්ඩලයේ නියෝජ්‍ය මහලේකම් ඩියෝඩැට් මහරාජ් (Deodat Maharaj) මහතා සහ පොදු රාජ්‍ය මණ්ඩලීය ලේකම් කාර්යාලයේ සාගර සහ ස්වභාවික සම්පත් අංශ ප්‍රධානී සහ තාවකාලික උපදේශිකා රොස්මරී කැඩෝගන් (Rosemarie Cadogan) මහත්මිය ද මෙම අවස්ථාවට සහභාගි වූහ.

පොදු රාජ්‍ය මණ්ඩලය හා ශ්‍රී ලංකාව අතර සබඳතා සහ අන්‍යෝන්‍ය වශයෙන් වැදගත් අනෙකුත් කරුණු සම්බන්ධයෙන් මෙහිදී පුළුල් ලෙස සාකච්ඡා විණි.

ස්කොට්ලන්ඩ් මහත්මියට ශ්‍රී ලංකාවේ සංචාරයක් සඳහා පැමිණෙන ලෙස වික්‍රමසිංහ මහතා විසින් ආරාධනාවක් ද කෙරිණි.

ඉකුත් දා නිව්යෝර්ක් නුවර ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත කාර්යාලයේ දී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ දේශපාලන කටයුතු පිළිබඳ ප්‍රධානී ජෙෆ් ෆෙල්ට්මන් (Mr. Jeff Feltman) මහතා අතර සාකච්ඡාවක් පැවැත්විණි.

දේශපාලන කටයුතු පිළිබඳ එක්සත් ජාතීන්ගේ දෙපාර්තමේන්තුවේ ආසියානු සහ පැසිෆික් කලායේ අධ්‍යක්‍ෂ සුබිනේ නැන්ඩි (Subinay Nandy)  මහතා ද මෙම අවස්ථාවට එක්විය.

ශ්‍රී ලංකාවේ ව්‍යවස්ථා සම්පාදන ක්‍රියාවලිය සහ ජාතික සංහිදියාවට බලපාන කරුණු සම්බන්ධයෙන් මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරිණි.
මෙම අවස්ථාවන්ට එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත, තානාපති ආචාර්ය රොහාන් පෙරේරා, නියෝජ්‍ය නිත්‍ය නියෝජිත ඒ. සබ්රුල්ලා ඛාන් සහ අමාත්‍ය උපදේශිකා සොනාලි සමරසිංහ යන මහත්ම මහත්මීහු ද සහභාගි වූහ.

Related posts

පාර්ලිමේන්තුව විසුරුවයි.ඡන්දය ජනවාරි 05

Mohamed Dilsad

ජාතික තව්හීඩ් ජමාඩ් සහ ජමාතෙයි මිල්ලතු ඊබ්‍රාහිම් ෆි සෙයිලානි සංවිධාන රට තුළ තහනම් කෙරේ

Mohamed Dilsad

ජනපතිගේ ගැසට් නිවේදනය නිතී විරෝධි බව ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කරයි..

Mohamed Dilsad

Leave a Comment