ප්‍රමුඛ පුවත 1

මහියංගනය ත්‍රිරෝද රථ අනතුරෙන් අතුරුදන් වූ දරුවෙකුගේ සිරුර සොයා ගැනේ

(උදයම්,මහියංගනය)  –  බදුල්ල මහියංගනය ප්‍රධාන මාර්ගයේ 17 කණුව ආසන්නයේදී ත්‍රිරෝද රථ දෙකක් එකිනෙක ගැටීමෙන් පසු අතුරුදන් වූ දරුවන් දෙදෙනාගෙන් එක් සිරුර සොයා ගැනේ.

මෙම අනතුර සිදුවූ ස්ථානයේ සිට කිලෝමීටර් 10 ක් පමණ දුරින් ඇළ මාර්ගයේ තිබී සිරුර සොයා ගෙන තිබේ.

අතුරුදන් වූ අනෙක් දරුවාගේ සිරුර සොයා තවදුරටත් මෙහෙයුම් සිදු කරයි.

ඊයේ රාත්‍රි මෙම අනතුර සිදුවූ අතර 21 හැවිරිදි කාන්තාවක් මිය ගියේය.

තවත් තිදෙනෙකු රෝහල් ගත කර ඇති බව පොලිසිය පවසයි.

ඇළට පෙරලී මෙලෙස අතුරුදන්වී ඇත්තේ 7 හැවිරිදි පිරිමි දරුවෙකු සහ දෙහැවිරිදි කුඩා ගැහැණු දරුවෙකි.

ඔවුන් බදුල්ල ,මීගහකිවුල ප්‍රදේශයේ පදිංචිකරුවෝ වෙති.

අනතුර සිදුවන අවස්ථාවේදී ත්‍රිරෝද රථයෙහි පුද්ගලයින් 6 දෙනෙකු ගමන් කර තිබේ.

 

Related posts

පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවට සහභාගී වන්නේ නෑ – ජනපති

Mohamed Dilsad

මහින්දගේ ආරක්‍ෂාව තර කිරීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී අවධානය

Mohamed Dilsad

දුරකථන සංවාද පටිගත වන බවට පළවන වාර්තා අසත්‍යයි…

Mohamed Dilsad

Leave a Comment