ක්‍රීඩා

ධනංජය ද සිල්වා කණ්ඩායමට කැඳවයි

(උදයම්,කොළඹ)   –  ඊයේ(08) පැවති ශූරයින්ගේ කුසලාන ක්‍රිකට් තරඟාවලියේ  ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර ක්‍රිකට් තරඟය අතරතුර ආබාධයකට මුහුණ දුන් කුසල් ජනිත් ‍පෙරේරා වෙනුවට තුන් ඉරියව් ක්‍රීඩක ධනංජය ද සිල්වා කැඳවා තිබේ.
ඒ අනුව ධනංජය ද සිල්වා ඉදිරියේ දී පැවැත් වීමට නියමිත තරඟය සඳහා මේ වන විට එංගලන්තය බලා පිටත්ව යෑමට නියමිතය.
කුසල් ජනිත් පෙරේරා මේ වන විට වෛද්‍ය පරීක්ෂණයක් සඳහා යොමු කර ඇති අතර ඔහුගේ කලවා ප්‍රදේශය මෙලෙස ආබාධයට ලක්ව ඇති බවත් අද දිනයේ දී රේඩියෝග්‍රැෆි පරීක්ෂණයක් යොමු කිරීමට නියමිතය.
ඉන් අනතුරුව ඔහුගේ රෝගී තත්ත්වය පිළිබඳ අවසන් නිගමනයට පැමිණීමට බලාපෙරොත්තු වන බවත් ක්‍රිකට් වාර්තා සඳහන් කරයි.

Related posts

ශ්‍රී ලංකා සිහිනය බොඳවෙයි

Mohamed Dilsad

එංගලන්ත – ශ්‍රී ලංකා ක්‍රිකට් තරගාවලියට නව කාලසටහනක්

Mohamed Dilsad

ශ්‍රී ලංකාව ලකුණු 392 යි

Mohamed Dilsad

Leave a Comment