විදෙස්

බෝම්බයකට හසුව නයිජීරියාවේ සරණාගතයින් 100 දෙනෙකු මරුට

(උදයම්,නයිජීරියාව) – නයිජීරියානු හමුදා යානයක් අත්වැරදීමකින් සරණාගතයින් සිටින ස්ථානයකට බෝම්බ හෙලීම හේතුවෙන් පුද්ගලයෝ 100 දෙනෙක් මිය යති.

200කට වැඩි පිරිසක් තුවාල ලබා ඇති බව විදෙස් වාර්තා සඳහන් කරයි.

ඊසානදිග නයිජීරියාවේ සටන් වැද සිටින බොකෝහරාම් අන්තවාදීන් ඉලක්ක කර මෙම ප්‍රහාරය එරට හමුදා විසින් එල්ල කර තිබේ.

කෙසේ වෙතත් ප්‍රහාරයෙන් සහන කටයුතුවල නිරත රතු කුරුස සාමාජිකයින් 6 දෙනෙකු ඇතුළු තවත් කිහිප දෙනෙකු මිය ගොස් ඇති බව වාර්තා වෙයි.

නයිජීරියානු ජනාධිපති මොහාමදු බුහාරි මෙම සිද්ධිය සම්බන්ධයෙන් සිය ශෝකය පළ කර තිබේ.

මෙම අවස්ථාවේදී සන්සුන්ව කටයුතු කරන ලෙසද ඔහු නයිජීරියානු ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.

 

Related posts

රටවල් 26කින් රුසියානු රාජ්‍ය තාන්ත්‍රිකයින් ඉවතට

Mohamed Dilsad

ලොව දිගම පාලම් අතරට එක වන තවත් පාලමක් හෙට විවෘතවේ.

Mohamed Dilsad

ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය අසල දී තරුණ යුවළක් ගිනිතබාගෙන දිවි නසා ගනී

Mohamed Dilsad

Leave a Comment