ප්‍රමුඛ පුවත 1

විපතටපත් මෙරට ජනතාවට මුදල් පරිත්‍යාග කිරීමට විදෙස් ගත ඔබටත් හැකියාව

(උදයම්,කොළඹ)   –  පසුගිය දිනවල දිවයිනේ දිස්ත්‍රික් කිහිපයක ඇති වූ ගංවතුර හා නාය යෑම් වලින් විපතට පත් වූ ජනතාවට සහන සැලසීම සඳහා දේශීය මෙන් ම විදේශීය පරිත්‍යාගශීලීන් ද ඉදිරිපත් වෙමින් සිටින බව මුදල් අමාත්‍යාංශය පවසයි.

විපතට පත් ජනතාවට සහන සැලසීම සඳහා අධාර කිරීමට විදේශ රටවල සිට විවිධ පරිත්‍යාගශීලින්ගෙන් විමසුම් ලැබෙමින් පවතින හෙයින් එම පරිත්‍යාග යොමු කිරීම සඳහා රජය විසින් පියවර ගෙන තිබේ.

ඒ අනුව විදේශ රටක සිට මුදල් පරිත්‍යාග කරන්නන්ගේ පහසුව තකා පහත සඳහන් විදේශ මුදල් පරිත්‍යාග ලබා ගැනීමට හැකි වන පරිදි සම්පත් බැංකුවේ විශේෂ ගිණුම් අංක 05ක් රජය විසින් විවෘත කර ඇති අතර මෙම ගිණුම්වලට එසේ මුදල් පරිත්‍යාග යොමු කළ හැක. විදේශයන්හි සිට මුදල් සම්ප්‍රේෂණය කිරීම සඳහා එම බැංකු ගිණුම් සඳහා වන SWIFT සංකේතය වනුයේ BSAMLKLX ය.

 

විදේශ මුදල් වර්ගය බැංකු ගිණුම් අංකය

1. ඇමෙරිකානු ඩොලර් (USD) 5029 6000 2000

2. ස්ටර්ලින් පවුම් (GBP) 5029 6100 2000

3. ජපන් යෙන් (SPY) 5029 6400 2000

4. ඕස්ට්‍රේලියානු ඩොලර් (AUD) 5029 6600 2000

5. යූරෝ (EUR) 5029 6900 2000

මෙසේ පරිත්‍යාගශීලීන්ගෙන් ලැබෙන මෙම සියලු මුදල් ආපදාවෙන් විපතට පත්වූවන්ගේ දේපළ පුනරුත්ථාපනය කිරීමේ රජයේ වැඩසටහන හා අවශ්‍යතාවය පරිදි සහන කටයුතු සඳහා කඩිනමින් යොදා ගනු ලැබේ.

Related posts

කුවේට්හි සිටින ශ්‍රී ලාංකිකයින්ට ලබාදී තිබු පොදු සමා කාලය අවසන්

Mohamed Dilsad

ඉලංගෙයි තමිල් අරසු පක්ෂය සජිත්ට ⁣සහය දෙයි [VIDEO]

Mohamed Dilsad

පකිස්ථානයෙන් පොහොර මෙට්‍රික් ටොන් 75,000ක්

Mohamed Dilsad

Leave a Comment