ප්‍රමුඛ පුවත 1

ඉන්දියානු ආධාර රැගෙන තෙවන නෞකවත් දිවයිනට

(උදයම්,කොළඹ)  –  අයහපත් කාලගුණ තත්ත්වයෙන් විපතට පත් ජනතාවට සහන සැලසීම සඳහා වෛද්‍යවරුන් සහ ද්‍රව්‍යමය ආධාර රැගත් ඉන්දියාවේ “ජලශ්වා“  නෞකාව කොළඹ වරායට පැමිණෙයි.ඉන්දියානු රජය විසින් ආධාර රැගෙන මෙරටට එවන ලද තෙවන නෞකව මෙයවේ.

එම ආධාර ජනාධිපති ලේකම්වරයා විසින් බාර ගැනීමෙන් අනතුරුව නාවික හමුදාපතිවරයා වෙත බාරදුන් බව ජනාධිපති මාධ්‍ය  අංශය සඳහන් කරයි.

නෞකාවෙන් පැමිණි  වෛද්‍යවරුන් ඇතුළු සහන කණ්ඩායම් ආපදාවට පත් ප්‍රදේශ කරා පිටත් කර යැවීමටද අදාළ නිලධාරීන් එම අවස්ථාවේදීම පියවර ගෙන තිබේ.

වෛද්‍ය කණ්ඩායම්, ඖෂධ, වියළි ආහාර ද්‍රව්‍යය, කුඩා බෝට්ටු, පානීය ජල බෝතල්, වැහි කබා සහ කූඩාරම් ඇතුළු අත්‍යවශ්‍ය ආධාර ද්‍රව්‍ය, ඇතුළත් ටොන් 10ක් පමණ වන ආධාර තොගයක් මෙලෙස හිමිව ඇති බව වාර්තාවේ.

Related posts

කර්මාන්ත, ග්‍රාමීය ආර්ථික, රාජ්‍ය ව්‍යවසාය වැයශීර්ෂ විවාදයට

Mohamed Dilsad

යම් කිසි පිරිසක් ව්‍යාජ ගෑස් හිඟයක් මවන්න උත්සාහ කලා [VIDEO]

Mohamed Dilsad

වෛරී සහ සාවද්‍ය තොරතුරු වලට රැවටෙන්න එපා රජය ජනතාවගෙන් ඉල්ලයි

Mohamed Dilsad

Leave a Comment