Trending Newsඑසැන පුවත්දේශීය

කලු කොටියෙකුගේ සිරුරක් තේ වත්තක තිබී හමුවෙයි

නල්ලතන්නිය ලක්ෂපාන වතුයායේ තේ වත්තේ තිබි කදුකර කළු කොටි පැටවෙකුගේ සිරුරක් අද (29) හමුවූ බව නල්ලතන්නි පොලිසියේ ස්ථානාධිපති ආර්.නිරෝෂන් මහතා පවසයි

එම වතුයායේ වතු කම්කරුවන් විසින් තේ වත්තේ මිය ගොස් සිටි කදුකර කළු කොටි පැටවෙකුගේ සිරුරක් ඇති බවට පොලිසිය වෙත ලබා දුන් තොරතුරක් මත ඒ පිලිබදව නල්ලතන්නිය වන ජීවි කාර්යාලයේ නිළධාරින් දැනුවත් කිරිමට පියවර ගත් බව පොලිස් ස්ථානාධිපතිවරයා කියා සිටියේය.

දින කිහිපයකට ප්‍රථම මිය ගොස් ඇති කදුකර කොටියා වාහනයක ගැටී තුවාල ලබා මිය යන්නට ඇති බව නල්ලතන්නි වන ජීවි කාර්යාලයේ නිළධාරින් සැකකරයි.

මිය ගිය කදුකර කොටියාගේ හැටන් මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර මහේස්ත්‍රාත්වරයාගේ නියෝගයක් රැගෙන සිරුර පෂ්චාත් මරණ පරික්ෂණය සදහා රන්දෙණිගල පශු වෛද්‍ය රෝහල වෙත රැගෙන යන බවද නල්ලතන්න වන ජීවි කාර්යාලයේ නිළධාරින් පැවසිය.

Related posts

පළාත්පාලන ඡන්ද වීමසීම පෙබරවාරි 10 වනදා

Mohamed Dilsad

Trump says North Korea still ‘extraordinary threat’

Mohamed Dilsad

හිටපු ඇමති ලක්ෂ්මන් යාපා අබේවර්ධනට අධි චෝදනා

Editor O

Leave a Comment