කතෝලික පියතුමෙකුට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ගම්පහ කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශයේ සංග්‍රාමික යතුරුපැදි කණ්ඩායමේ පොලිස් නිලධාරින් හය දෙනා ඇපමත මුදා හැර තිබේ.
එම නඩුව ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණයේදී අද (29) කැඳවින.
එක් අයෙකුට රුපියල් ලක්ෂ පහ බැගින් වූ ශරීර ඇපමත මුදහැරීමට ගම්පහ මහෙස්ත්‍රාත් නියෝග කර ඇත..
සැකකාර පොලිස් නිලධාරින්ගේ විදේශ ගමන් තහනම් කර ඇති අතර ඔවුන්ගේ වැඩතහනම තවදුරටත් ක්‍රියාත්මක කරන ලෙසට ද අධිකරණය නියෝග කර ඇත.
සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පොලිස් නිලධාරින්ගෙන් තිදෙනෙකු පියතුමා විසින් හඳුනාගැනීමේ පෙරට්ටුවේදී හඳුනාගෙන ඇති අතර ඉන් එක් අයෙකු පහර දුන් බව ද පියතුමා සඳහන් කර තිබේ.
සෙසු නිලධාරින් දෙදෙනා එම අවස්ථාවේදී ඒ අසළ සිටි අය බවට ද පියතුමා ප්‍රකාශ කර ඇත.
මේ සම්බන්ධ නඩුව ලබන අප්‍රේල් මස 30 වැනිදා කැඳවීමට නියමිතයි .
