අහංගම, පැලැස්ස ප්‍රදේශයේ අද (22) සවස, පැති බැම්මක් කඩාවැටීමෙන් එයට යටවූ පුද්ගලයින් තිදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇතැයි අහංගම පොලීසිය කියයි.
වැඩබිමක පැති බැම්ම ඉදිකරමින් සිටි කම්කරුවන් තිදෙනෙක් මෙලෙස යටවී ඇති අතර, එම තිදෙනා ඉන් මුදවා ගෙන රෝහල් ගත කිරිමෙන් පසු ජීවිතක්ෂයට පත්ව ඇතැයි පොලීසිය ප්‍රකාශ කළේය.
