Trending Newsඑසැන පුවත්දේශීය

ත්‍රස්ත පනතට, “හියුමන් රයිට්ස් වොච්“ සංවිධානයේ විරෝධය

‍ආණ්ඩුව විසින් යෝජනා කර ඇති ත්‍රස්ත විරෝධී නීතිය මගින් අපයෝජන වැඩිවීමේ අවධානමක් පවතින බව “හියුමන් රයිට්ස් වොච්“ සංවිධානය ප්‍රකාශ කරයි. .

නිවේදනයක් නිකුත් කරමින් එම සංවිධානය පෙන්වා දෙන්නේ මෙම නව පනත් කෙටුම්පත තුළ එක්සත් ජාතීන්ගේ ත්‍රස්ත විරෝධී විශේෂඥයින් විසින් නියම කර ඇති නිර්දේශ ඇතුළත් නොවන බවය.

එය ජී.එස්.පී ප්ලස් බදු සහනය ලබා ගැනීම සඳහා ශ්‍රී ලංකාව යුරෝපා සංගමයට ලබාදුන් මානව හිමිකම් ආරක්ෂා කිරීම්වලට අනුකූල නොවන බව ද “හියුමන් රයිට්ස් වොච්“ සංවිධානය පවසයි.

වත්මන් ආණ්ඩුව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත ඇතුළු සියලු පීඩාකාරී ක්‍රියාවන් අහෝසි කිරීම සහ ජනතාවගේ සිවිල් අයිතිවාසිකම් සහතික කිරීම සඳහා ප්‍රතිඥා ලබාදී ඇති බව ඔවුන් පෙන්වා දී ඇත.

ආණ්ඩුව විසින් යෝජනා කර ඇති ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනත් කෙටුම්පත මගින් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතට සමාන විධි විධාන රැසක් ඇතුළත් කර ඇති බව “හියුමන් රයිට්ස් වොච්“ සංවිධානයේ ආසියානු කාලාපයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ මීනාක්ෂි ගංගුලි මහත්මිය සිය නිවේදනය මගින් පෙන්වා දී තිබේ.

ත්‍රස්ත විරෝධී නීති භාවිත කරමින් දෙමළ, මුස්ලිම් සහ මානව හිමිකම් ආරක්ෂකයින් ඇතුළු රජයේ විරුද්ධවාදීන්ට එරෙහිව මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමේ සිදුවීම් ඉතිහාසයේ සිදුවු අතර එය වත්මන් රජය යටතේ ද සිදුවෙමින් පවතින බව ඇය සඳහන් කළාය.

වත්මන් පනත් කෙටුම්පතට ත්‍රස්තවාදය පිළිබද පුළුල් හා නොපැහැදිලි අර්ථ දැක්වීමක් ඇතුළත් කර ඇති අතර එයට ත්‍රස්තවාදයක් නොවන අපරාධ ඇතුළත් වන බැවින් දේශපාලන ක්‍රියාකාරකම් තහනම් කිරීමක් ලෙස අර්ථ දැක්වීමක් සිදුකළ හැකි බව ද ‘හියුමන් රයිට්ස්’ සංවිධානය පෙන්වා දෙයි.

Related posts

வேகப்பந்து வீச்சாளர் மொஹமட் அமீர் மீண்டும் அணியில் இணைப்பு

Mohamed Dilsad

ඇමතිවරු හතකට නිල නිවාස

Editor O

மண்சரிவு அபாய எச்சரிக்கை நீடிப்பு

Mohamed Dilsad

Leave a Comment