Trending Newsඑසැන පුවත්දේශීය

ඇමතිවරු හතකට නිල නිවාස

කතානායකවරයාට සහ නියෝජ්‍ය අමාත්‍යවරුන් සත් දෙනෙකුට වශයෙන් අමාත්‍ය නිල නිවාස අටක් (08ක්) වෙන් කර දී ඇති බව රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය ආචාර්ය චන්දන අඛයරත්න මහතා විසින් පාර්ලිමේන්තුවට ප්‍රකාශ කරන ලදී.

අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ මෙම නිල නිවාස ලබා දී ඇත්තේ අදාළ අයගේ වැටුපෙන් කුලී මුදලක් අය කර ගනිමින් බවයි.

චාමර සම්පත් දසනායක මන්ත්‍රීවරයාගේ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඔහු පැවසූ පරිදි, දැනට ඇති මුළු අමාත්‍ය බංගලා සංඛ්‍යාව 38ක් වන අතර, ඉතිරි නිවාස කිහිපයක් විවිධ රාජ්‍ය ආයතන සඳහා ද වෙන් කර ඇත. 

ඒ අනුව, එක් බංගලාවක් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට ද, තවත් එකක් පොලිස් දෙපාර්තමේන්තුවට ද, විශේෂ අධිකරණ පිහිටුවීම සඳහා අධිකරණ අමාත්‍යාංශය වෙත බංගලා හතරක් ද ලබා දී තිබේ.

තවදුරටත්, වෙනත් ආයතන කිහිපයක් ද මෙම ඇමති නිල නිවාස ඉල්ලා ඇති බවත්, ඒ පිළිබඳව ද අවධානය යොමු කරමින් පවතින බවත් අමාත්‍ය ආචාර්ය චන්දන අඛයරත්න මහතා පාර්ලිමේන්තුවට දන්වා සිටියේය.

Related posts

Brexit: Theresa May to meet Angela Merkel and Emmanuel Macron

Mohamed Dilsad

தாமரை கோபுரத்தினால் திடீரென ஏற்பட்ட ஆபத்து!

Mohamed Dilsad

போலி நாணயத் தாள்களை விற்பனை செய்ய முயற்சித்த சந்தேக நபர்கள் விளக்கமறியலில்

Mohamed Dilsad

Leave a Comment