අගමැතිනි හරිනි අමරසූරියට එරෙහිව පාර්ලිමේන්තුවට ගෙන ඒමට සැලසුම් කර ඇති විශ්වාසභංග යෝජනාව අනිවාර්යයෙන්ම ඉදිරිපත් කරන බවත්, ඒ සඳහා විපක්ෂයේ සියලු කණ්ඩායම් එකතු කරගන්නා බවත් සමගි ජන බලවේගයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර පවසයි.
අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලදී අධ්‍යාපන ඇමැතිවරිය ලෙස අගමැතිවරිය විශ්වාසය කඩ කර ඇති බව පෙන්වා දෙන මහ ලේකම්වරයා, අවධාරණය කරන්නේ විශ්වාස භංගය ඉදිරිපත් කරන්නේ විපක්ෂයට අවශ්‍ය වේලාවට බවයි.
එය සුදුසු වේලාවට ඉදිරිපත් කරන බවත්, විපක්ෂය ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කරමින් සිටින බවත් පැවසූ මහ ලේකම්වරයා, එක් කොටසක් ඉවත් කරගත් පමණින් තම පියවර පසුපසට නොගන්නා බවද සඳහන් කරයි.
