හිටපු කථානායක අසෝක රන්වලගේ බිරිඳ රිය අනතුරකට ලක්වී රෝහල්ගත කර ඇතැයි පොලීසිය කියයි. ඊයේ (16) රාත්‍රියේ අසෝක රන්වලගේ නිවස ආසන්නයේදීම මෙම අනතුර සිදුවී ඇති බව බියගම පොලිසිය ප්‍රකාශ කළේය.
අසෝක රන්වලගේ බිරිඳ පැදවූ මෝටර් රථය නිවසට ඇතුළු කිරීමට උත්සාහ කිරීමේදී කැලණිය දෙස සිට පැමිණි තවත් මෝටර් රථයක් එම මෝටර් රථයේ ගැටී තිබේ.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාගේ නිවසේ රාත්‍රී ආරක්ෂක රාජකාරීයේ නිරතව සිටි පොලිස් නිලධාරියෙකු විසින් අදාළ අනතුර සම්බන්ධයෙන් පොලීසිය දැනුවත් කර ඇත.
අනෙක් මෝටර් රථයේ රියදුරා කළුතර උතුර ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන බව සඳහන්.
අනතුරෙන් තුවාල ලැබූ මන්ත්‍රීවරයාගේ බිරිඳ මේ වනවිට රෝහල්ගතව ප්‍රතිකාර ලබයි.
