Trending Newsඑසැන පුවත්දේශීය

නුවර මාර්ගය කඩවතින් මංතීරුවක් වසා දමයි

ඉදිකිරීමක් හේතුවෙන් කොළඹ නුවර මාර්ගයේ රථවාහන ගමනාගමනය කඩවත ප්‍රදේශයෙන් සීමා කරන බව පොලිසිය සඳහන් කරයි..

පොලිසිය පැවසුවේ කොළඹ – මහනුවර මාර්ගයේ බණ්ඩාර වත්ත පුවක්පිටිය ප්‍රදේශයේ මාර්ගය එක් මංතීරුවක් මාර්තු 15 දක්වා වසා තබන බවයි.

කඩවත – මීරීගම අධිවේගී මාර්ගයේ අන්තර් හුවමාරුවේ ඉදිකිරීම් හේතුවෙන් මෙම රථවාහන සැලැස්ම ක්‍රියාත්මක බවද පොලිසිය පැවසීය.

විකල්ප මාර්ග ලෙස කඩවත නගර මධ්‍යයේ ආලෝක සංඥා මංසන්ධියේ සිට අධිවේගී පිවිසුම් මාර්ගය ඔස්සේ ඇල්දෙණිය ආලෝක සංඥා මංසන්ධිය දක්වා මාර්ගය භාවිත කළ හැකි බවද පොලිසිය පැවසීය.

Related posts

අපවත් වී වදාළ කොටුගොඩ ධම්මාවාස මහනාහිමි ගේ අදාහන පූජෝත්සවය පූර්ණ රාජ්‍ය ගෞරව සහිතව

Mohamed Dilsad

Cabinet reshuffle on Wednesday

Mohamed Dilsad

பள்ளியின் முன்னேற்றத்திற்காக இராணுவ தளபதியினால் நிதி அன்பளிப்பு [PHOTOS]

Mohamed Dilsad

Leave a Comment