අධ්‍යාපන අමාත්‍ය හරිනි අමරසූරිය ට එරෙහි, විශ්වාසභංග යෝජනාව ට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා, දිලිත් ජයවීර මහතා ඇතුළු විපක්ෂයේ මන්ත්‍රීවරු, , පාර්ලිමේන්තුවේ පිහිටි විපක්ෂ නායක කාර්යාලයේ දී අද (07) අත්සන් තැබූහ.
වත්මන් ආණ්ඩුවේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ තුළ ළමා මනසට නුසුදුසු දෑ මෙන්ම විෂය කරුණු සම්බන්ධයෙන් වැරැදි රාශියක් පැවතීම හේතුවෙන් සහ ඒ සම්බන්ධයෙන් විධිමත්ව කටයුතු නොකිරීම හේතුවෙන් හරිනි අමරසූරියට එරෙහිව මෙලෙස විශ්වාසභංගය යෝජනාවක් අත්සන් කර තිබේ.
විශ්වාසභංග යෝජනාවට පළමුවෙන්ම විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අත්සන් තබා ඇත.

