නුවරඑළිය ග්‍රෙගරිවැවේ ගොඩබැස්වීමට ගිය සී ගුවන් යානයක් (07) දින දහවල් 12:30ට පමණ ග්‍රෙගරිවැවේ කඩා වැටීමෙන් එම ගුවන් යානයේ ගමන් ගත් ගුවන් නියමුවන් දෙදෙනා තුවාල ලබා නුවරඑළිය දිස්ත්‍රික් මහ රෝහල වෙත ඇතුළත් කළ බව නුවරඑළිය පොලිසිය පැවසීය.
එම ගුවන් යානය නුවරඑළිය පැමිණ සිටින සංචාරකයන් පිරිසක් රැගෙන යැමට පැමිණි අවස්ථානවේ මෙම අනතුර සිදු වී ඇති බවයි පොලිසිය කියා සිටියේ.
ගුවන් යනයේ සිටි ගුවන් නියමුවන් දෙදෙනා ජලාශයේ බෝට්ටු සංචාරයේ යෙදෙන පිරිස් විසින් මුදවාගෙන ඇත.
