Trending Newsඑසැන පුවත්දේශීය

වීථි පහන් සඳහා වැයවන මුදල ප්‍රදේශයේ ජනතාවගේ විදුලි බිලට ?

යෝජිත නව විදුලි ප්‍රතිපත්තිය මඟින් තම ප්‍රදේශයේ ඇති වීථි ලාම්පු සඳහා වැයවන මුදල එම ප්‍රදේශයේ ජනතාවගේ විදුලි බිලෙන් අයකිරීමට යෝජනා කර ඇති බව විදුලිය පාවිච්චිකරනන්ගේ සංගමය සඳහන් කරයි. .

විදුලිය පාවිච්චිකරනන්ගේ සංගමයේ ජාතික ලේකම් සංජීව ධම්මික මහතා පැවසුවේ, මෙම අගය විදුලි පාරිභෝගිකයාගේ බිලෙන් සියයට 2.2% නොවැඩි වියයුතු බවටද දැනුම් දී ඇති බවය.   

“යම්කිසි ප්‍රදේශයක භාවිත කරන විදුලි බල්බ්වල වොට් ප්‍රමාණය ගණනය කරලා, ඒ ප්‍රදේශයේ වෙසෙන ජනතාව අතර බෙදලා විදුලි බිලට එකතු කරන්න හදනවා. ඒ එකතු කරන අගය තමුන්ගේ විදුලි බිලේ වටිනාකමින් 2.2% නොවැඩි අගයක් විය යුතුයි කියලත් කියලා තියෙනවා.”

වීථි ලාම්පු කළමණාකරණ කිරීම සඳහා පළාත් පාලන ආයතනවලට ඇති බලය ඉවත් කර වෙනත් ආයතනයකට පැවරීමට ද එමඟින් යොජනා කර ඇති බව ඔහු සඳහන් කළේය.

“අපි දන්නවා ප්‍රාදේශීය සභාවකින්, නගරසභාවකින්, මහ නගර සභාවකින් තමා මේ පොදු වීථි ලාම්පු සහ පොදු ආලෝකකරණය ගැන නගරබද නඩත්තු කටයුතු කරන්නේ. දැන් මේ යෝජනාවේ තියෙනවා මේවා ප්‍රාදේශීය සභාවෙන්, නගරසභාවෙන් ගලවලා දාලා වෙනම ආයතනයක් හදන්න.”

Related posts

හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන්ගෙන් මූලික අයිතිවාසිකම් පෙත්සමක්

Mohamed Dilsad

විදුලිය බිඳවැටීම ගැන සොයා බැලීමට පත්කළ කමිටුව අද රැස්වේ

Mohamed Dilsad

තංගල්ලේ උණුසුම් තත්ත්වයක්

Mohamed Dilsad

Leave a Comment