දේශීයප්‍රමුඛ පුවත 3

විදුලිය බිඳවැටීම ගැන සොයා බැලීමට පත්කළ කමිටුව අද රැස්වේ

(UTV | කොළඹ) –  විදුලිය බිඳවැටීම පිළිබඳ සොයා බැලීම සඳහා පත් කළ කමිටුව අද (18) පෙරවරුවේ රැස්වීමට නියමිතව ඇත.

මේ සඳහා සොයාබැලීමට විදුලිබල අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතාගේ උපදෙස් පරිදි සත් දෙනෙකුගෙන් සමන්විත කමිටුවක් ඊයේ (17) පත් කෙරුණි.

මීට අදාළ කමිටු වාර්තාව සතියක් ඇතුළත ලබාදෙන ලෙස ද අමාත්‍යවරයා විසින් නියම කර ඇති බව වාර්තා වෙයි.

විදුලිය සම්ප්‍රේෂණ පද්ධතිවල හටගත් දෝෂයක් හේතුවෙන් ඊයේ දහවල් 12.30 සිට දිවයින පුරා විදුලිය බිඳවැටීමක් සිදුවූ අතර , මේ හේතුවෙන් ජනතාවගේ දෛනික ක්‍රියාකාරක්මවලට දැඩි බාධා එල්ල විය.

Related posts

කතරගම මහා දේවාලයේ බස්නායක නිලමේ තෝරා ගැනීමේ නිලවරණය පවත්වන දිනය තීරණය කරයි

Editor O

හරක් කටා සහ කුඩු සළිඳු මැඩගස්කරයේ දී අත්අඩංගුවට

Mohamed Dilsad

අපනයන සඳහා විදේශ රටවල් පනවා ඇති තීරු බදු සංශෝධනය නොකළොත් ශ්‍රී ලංකා ආර්ථිකය අවධානමේ – ශ්‍රී ලංකා මහ බැංකුව

Editor O

Leave a Comment