දේශීය

හරක් කටා සහ කුඩු සළිඳු මැඩගස්කරයේ දී අත්අඩංගුවට

මෙරට ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් දෙදෙනෙක් ඇතුළු 8දෙනෙක් මැඩගස්කාරයේ ඉවාටෝ ගුවන් තොටුපොළේ දී අත්අඩංගුවට පත්ව තිබේ.

 

එලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ නඳුන් චින්තක නොහොත් “හරක් කටා”සහ සළිඳු මල්ෂික නොහොත් “කුඩු සළිඳු” එලෙස අත්අඩංගුවට ගෙන ඇත.

 

විදෙස් මාධ්‍ය සඳහන් කර තිබුණේ අත්අඩංගුවට පත් පිරිස අතර හරක් කටාගේ බිරිඳ ද වන බවය.

 

ඇය මැලගාසි ජාතික තැනැත්තියක් බවට අනාවරණය වී තිබේ.

 

විදෙස් මාධ්‍ය සඳහන් කර ඇත්තේ හරක් කටා ඇතුළු 5දෙනෙක් පසුගිය පෙබරවාරි 12 වනදා එරට නොසි බි යන ගුවන්තොටුපොළ වෙත පැමිණ ඇත්තේ පෞද්ගලික ජෙට් යානයකින් බවය.

 

පසුදින මොවුන් අභ්‍යන්තර ගුවන් යානයකින් ඇන්ටනානාරිවෝ ගුවන්තොටුපොළ ට පැමිණ ඇති බව ද එම වාර්තාවල සඳහන්ය.

 

ඒ අනුව ඔවුන්ව අත්අඩංගුවට පත්ව ඇත්තේ පසුගිය 1 වනදා මැඩගස්කරයෙන් පිටව යෑමේදී බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

 

අත්අඩංගුවට පත්වෙන අවස්ථාවේ හරක් කටා පෙනී සිට ඇත්තේ සුපිරි ධනවතෙක් ලෙසිනි.

Related posts

කොවිඩ් එන්නත අතපසු වූ අය සිටීනම් වහාම දැනුවත් කරන්න

Mohamed Dilsad

අභිමානවත් 72 වන නිදහස් දිනය අදයි

Mohamed Dilsad

පාර්ලිමේන්තු මන්ත්‍රී අර්චුනා රාමනාදන් ට ඇප

Editor O

Leave a Comment