දේශීය

පාර්ලිමේන්තු සභාවාරය ඇරඹේ

කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් මේ වනවිට පාර්ලිමේන්තු සභාවාරය ආරම්භ වී තිබේ.

 

අද සිට ලබන 10 වනදා දක්වා පාර්ලිමේන්තුව රැස්වීමට නියමිත බව පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

 

අද මෝටර් වාහන පනත යටතේ නිකුත් කර ඇති ගැසට් පත්‍ර කිහිපයක ඇති නියෝග විවාදයට ගැනීමට නියමිතය.

 

එමෙන්ම හෙට අත්‍යවශ්‍ය මහජන සේවා පනත යටතේ ජනාධිපතිවරයා විසින් පනවන ලද ගැසට් පත්‍රයේ සදහන් නීතීන් විවාදයකින් තොරව සම්මත කර ගැනීමට නියමිත බව සන්නිවේදන දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

 

විපක්ෂය ගෙන ආ යෝජනාවකට අනුව “සර්ව ජන ඡන්ද බලය” පිළිබඳ සභාව කල් තැබීමේ විවාදය මාර්තු මස 9 සහ 10 යන දෙදින විවාදයට ගැනීමට නියමිතය.

 

මේ අතර පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව හෙවත් කෝප් කමිටුව අද සිට අනිද්දා දක්වා රැස්වීමට නියමිතව තිබේ.

 

කෝප් කමිටු සභාපති රංජිත් බණ්ඩාර මහතා සඳහන් කළේ, අපනයන ණය රක්ෂණ සංස්ථාව, මධ්‍යම සංස්කෘතික අරමුදල, ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව, ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව යන ආයතනවල නිලධාරීන් කමිටුව හමුවට කැඳවන බවය.

 

 

Related posts

සාමාන්‍ය පෙළ විභාගයට මුහුණ දුන් දරුවන්ට පැහැදිලි කිරීමක්

Mohamed Dilsad

දීපවාලි වෙනුවෙන් විශේෂ බස් සේවා

Editor O

අධි අවදානම් කලාපවල තැපැල් කාර්යාල විවෘත කිරීමට අවධානය

Mohamed Dilsad

Leave a Comment