Trending Newsඑසැන පුවත්දේශීය

මාලිමාවේ දේශපාලන සංස්කෘතිය ඔච්චරටම දියුණුනම්,හයේ පොතේ ගැටළුවට, අධ්‍යාපන ඇමති, තනතුරෙන් ඉල්ලා අස්වෙන්න.

මතභේදාත්මක 6 ශ්‍රේණියේ ඉංග්‍රීසි මොඩියුලය සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍ය හරිනි අමරසූරිය ඉල්ලා අස්විය යුතු බවත්, අමාත්‍යාංශගත ආයතනයක නිලධාරියෙකුගේ ඉල්ලා අස්වීමට වඩා මැතිවරණ වේදිකාවේ කියූ දියුණු දේශපාලන සංස්කෘතිය පෙන්වමින් ඇය ඉල්ලා අස්විය යුතු බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පැවසීය.

සිද්ධිය සම්බන්ධයෙන් කමිටු ප්‍රධානියා ඉල්ලා අස්වී ඇති බවත්, කමිටුවේ ප්‍රධානියා පත් කර ඇත්තේ අගමැතිනිය බවත්, අමාත්‍යාංශය භාරව සිටින්නේද  අගමැති ආචාර්‍ය හරිනි අමරසූරිය  බැවින් ඉල්ලා අස්විය යුත්තේ අගමැති බවද නාමල් රාජපක්ෂ මහතා ප්‍රකාශ කරයි.

පිටස්තරයෙකුට පොත මුද්‍රණය කළ නොහැකි බවත් නාමල් රාජපක්ෂ මහතා වැඩිදුරටත් පැවසීය.

අමාත්‍යාංශ ලේකම්වරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කිරීම විහිළුවක්  බව නාමල් රාජපක්ෂ මහතා  පැවසීය.

“කිසිවෙකුට අමාත්‍යාංශ ලේකම්වරයා නොමඟ යැවිය නොහැකි බවත් එක් පුද්ගලයෙකුට විෂයයක් හෝ විෂය ක්ෂේත්‍රයක් සම්බන්ධයෙන් තීරණයක් ගත නොහැකි බවත් නාමල් රාජපක්ෂ මහතා වැඩිදුරටත් පැවසීය.

එම තීරණ ගැනීමේදී අදාළ අමාත්‍යාංශය බාර අමාත්‍යවරයා සහ අමාත්‍යාංශ ලේකම්වරයා අනිවාර්‍යෙන්ම දැන සිටින බවත් නාමල් රාජපක්ෂ මහතා අවධාරණය කළේය.

Related posts

2019ம் ஆண்டு வரவு செலவு திட்டத்தின் மூன்றாம் வாசிப்பு மீதான வாக்கெடுப்பு இன்று

Mohamed Dilsad

Quo Warranto Writ Petition against Rajapaksa withdrawn

Mohamed Dilsad

Indonesia landslide on New Year’s Eve leaves 15 dead and 20 missing

Mohamed Dilsad

Leave a Comment