Trending Newsඑසැන පුවත්දේශීය

කයියනායකලා, තමන්ගේ බැරිකම වහගන්න මාධ්‍ය වල කට වහන්න උත්සාහ කිරීම වැරැදියි. – පූජ්‍ය වලවාහැංගුණ වැවේ ධම්මරතන හිමි

පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සියලු රූපවාහිනී නාලිකාවල ප්‍රවෘත්ති ඉදිරිපත් කිරීමට යෙදවූයේ නම් මාධ්‍ය මර්ධනයක් අවශ්‍ය වන්නේ නැතැයි මිහින්තලා රජමහා විහාරාධිපති පූජ්‍ය වලවාහැංගුණ වැවේ ධම්මරතන හිමියෝ කියා සිටිති. 

මල්වතු මහ නායක හිමියන්ට බැහැදැකීමෙන් අනතුරුව මාධ්‍යයට අදහස් පළ කරමින් ස්වාමීන්වහන්සේ මේ බව පැවසූහ.

“පොලිස් මාධ්‍ය ප්‍රකාශක වුට්ලර් මහත්තයා හැම චැනල් එකකම ප්‍රවෘත්ති කියන්න දාන්න ඕන. එතකොට ආණ්ඩුවට මාධ්‍ය මර්දනයක් අවශ්‍ය නැහැ. මාධ්‍ය මඟින් සහසුද්දෙන් ඇත්ත කියන කොට මේ අය වෛර කරනවා. 

කයියනායකලා කටින් බතල හිටවන්නේ නැතුව වැඩ කළා නම් මාධ්‍ය මඟින් මේ වගේ විවේචනය එල්ල වන්නේ නැහැ. තමන්ගේ බැරිකම වහගන්න මාධ්‍ය වල කට වහන්න උත්සාහ කරන එක වැරැදියි. 

තර්ජන කරලා ගර්ජන කරලා 1971 දී, 1989 දී බලය ගන්න හැදුවා. ඒත් බැරි වුණා. අඩු තරමේ දැන් බලය ලැබිලා තියෙත්දිවත් මේ තර්ජන ගර්ජන නවත්වන්න ඕන. 

බලය අරගෙනත් මේ අය කරන්නේ එදා කරපු දේමයි. බෞද්ධාගමට, බෞද්ධ සංස්කෘතියට පහර දෙනවා. අනිත් පැත්තෙන් විරුද්ධ මත දරන අයට පහර දෙනවා. 

බොරු කියලා ජනතාව මුළා කළාම ස්වභාව ධර්මය දඩුවම් දෙනවා. ඒක තමයි පසුගියදා රට මහා විපතකට පත්වුණේ”

Related posts

බන්ධනාගාර නිලධාරීන් 15 කගේ වැඩ තහනම්

Mohamed Dilsad

Kyoto Animation fire: Arson attack at Japan anime studio kills 33

Mohamed Dilsad

Demanding Gota’s US citizenship renunciation: Monk begins fast

Mohamed Dilsad

Leave a Comment