දේශීය

බන්ධනාගාර නිලධාරීන් 15 කගේ වැඩ තහනම්

(UTV| කොළඹ) – පසුගිය මාස දෙකක කාලය තුළ විවිධ දූෂණ ක්‍රියාවලට සම්බන්ධ වූ නිලධාරීන් 15 දෙනෙකුගේ වැඩ තහනම් කිරීමට කටයුතු කර ඇති බව බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය මහතා සඳහන් කරයි.

මොවුන් මහර, මැගසින්, බූස්ස, කොළඹ, වැලිකඩ, ගාල්ල, මීගමුව, වාරියපොළ හා අගුණකොළපැලැස්ස යන බන්ධනාගාරවලට අනුයුක්තව සේවය කරමින් සිටි නිලධාරීන් බව බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා පැවසීය.

මෙම පිරිස අතර සහකාර අධිකාරිවරයෙක්, ප්‍රධාන ජේලර්වරු දෙදෙනෙක්, ජේලර්වරයෙක් සිටින බව ද ඔහු පැවසීය.

බන්ධනාගාර දෙපාර්තමේන්තුවට අයත් ඒ ඒ ආයතනවල අධිකාරිවරු, බන්ධනාගාර බුද්ධි අංශ මෙන්ම පොලිස් දෙපාර්තමේන්තුව විසින් අනාවරණය කරගනු ලැබූ යම් යම් කරුණු මත පදනම්ව සිදුකළ මූලික විමර්ශනවලට අනුකූලව මෙම නිලධාරීන්ගේ වැඩ තහනම් කිරීමට පියවර ගත් බවත් ඒ මහතා පැවසීය.

ඉදිරියේ දී ඔවුන්ට විරුද්ධව විනය චෝදනා යටතේ ලබාදිය හැකි උපරිම දඬුවම් ලබාදීමට කටයුතු කරන බවත් බරපතළ චෝදනා ඇති නිලධාරීන් සේවයෙන් පහ කිරීමට කටයුතු කරන බවත් ඒ මහතා පවසයි.

Related posts

සියලු සරසවි සැප්තැම්බර් විවෘත කෙරේ

Mohamed Dilsad

ළමුන් අතර සමේ රෝග ව්‍යාප්ත වීමේ අවදානමක්

Mohamed Dilsad

යල කන්නයේ වී මිලදී ගැනීම අදින් ඇරඹේ

Mohamed Dilsad

Leave a Comment