ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව ස්ථීර විගණකාධිපතිවරයෙකු කඩිනමින් පත්කිරීම පියවර ගන්නා ලෙස ශ්‍රී ලංකා නීතීඥ සංගමය, ජනාධිපති අනුර දිසානායකගෙන් ඉල්ලා සිටී .
විශේෂ ලිපියක් යොමුකරමින් එම සංගමය ජනාධිපතිවරයාගෙන් මෙම ඉල්ලීම කර ඇත . රාජ්‍ය මුල්‍ය පාලනයේ විනිවිද බව ආරක්ෂා කිරීමට සහ ජාත්‍යන්තර විශ්වාසය තහවුරු කිරීමට විගණකාධිපතිවරයාගේ පත්වීම අත්‍යවශ්‍ය බව එම සංගමය කියා සිටී .
පසුගිය අප්‍රේල් මාසයේ හිටපු විගණකාධිපතිවරයා විශ්‍රාම යෑමෙන් පසු මේ දක්වා ස්ථීර නිලධාරියෙකු පත්නොකිරීම සම්බන්ධයෙන් නීතීඥ සංගමයේ දැඩි අවධානය යොමුකර තිබේ.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 153(1) ව්‍යවස්ථාව යටත් පිහිටුවා ඇති විගණකාධිපති ධුරය සමස්ත රාජ්‍ය ආයතන වල වගකීම තහවුරු කරන ප්‍රධානතම කාර්යභාරය ඉටුකරන බව ඔවූන් පෙන්වා දෙයි.
ජනාධිපතිවරයා මීට පෙර ඉදිරිපත් කරන ලද නාමය ව්‍යවස්ථාදායක සභාවේ බහුතර කැමැත්ත දිනාගැනීමට අපොහොසත් වී ඇති බැවින් දේශපාලන වශයෙන් පක්ෂපාතී නොවන ක්ෂේත්‍රයේ ප්‍රවීණත්වයක් සහ ස්වාධීනත්වයක් ඇති ව්‍යවස්ථාදායක සභාවේ පොදු එකගතාවය දිනාගත හැකි පුද්ගලයෙකු පත් කළ යුතු බව එම ලිපියෙන් වැඩිදුරටත් පෙන්වා දී ඇත.
