Trending Newsඑසැන පුවත්දේශීය

දිවුලපිටිය, ගිරිඋල්ල, අලව්ව, කටාන, මීරිගම , පන්නල, දංකෙොටුව ,නාරම්මල ,මීගමුව යටවෙයි ; ආරක්ෂිත ස්ථාන වෙත යන්න

ගිරිඋල්ල සහ බඩල්ගම මිනුම් මධ්‍යස්ථානවල උපරිම ජල මට්ටම්වලට ළඟා වී ඇති බැවින් දිවුලපිටිය, අලව්ව, කටාන, මීරිගම , පන්නල, දංකෙොටුව ,නාරම්මල ,මීගමුව, වෙන්නප්පුව ප්‍රදේශවල ජනතාව වහාම ඉවත්වන ලෙසත් වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ජල විද්‍යා අපදා කළමණාකරන;ණ ඒකකයේ අධ්‍යක්ෂ , ඉංජිනේරු එල්.එස්. සූරියබණ්ඩාර මහතා පවසයි.

අධ්‍යක්ෂවරයා අද (29) මාධ්‍ය වෙත විශේෂ ප්‍රකාශයක් නිකුත් කරමින් මේ බව පැවසීය.

කුරුණැගල දිස්ත්‍රික්කයේ මහ ඔය, ගිරිඋල්ල සහ බඩල්ගම ප්‍රදේශයන්ගේ ජල මට්ටම උපරිමයට පැමිණ ඇති බවත් මෑත ඉතිහාසයේ ප්‍රථම වතාවට මේ තත්ත්වය ඇති වී ඇති බවද හෙතෙම පැවසිය.

මේ ආශ්‍රිත පහළ ප්‍රදේශවලට වැඩි ජල ප්‍රමාණයක් ඉතාම වේගයෙන් අධික උසකින් පැතිරෙන බවත් ජනතාව මේ සඳහා ගත යුතු ක්‍රියාමාර්ග හැකි ඉක්මනින් ගන්නා ලෙසත් අධ්‍යක්ෂවරයා වැඩි දුරටත් අවධාරණය කළේය.

Related posts

‘අම්ෆන්’ කුණාටුවෙන් ගසාගෙන ගිය බහුදින යාත්‍රා නිරුපද්‍රිතව ගොඩබිමට

Mohamed Dilsad

පැති බැම්මක් කඩා වැටී තිදෙනෙක් ජීවිතක්ෂයට

Editor O

Opposition Leader R. Sampanthan demands action against corruption

Mohamed Dilsad

Leave a Comment