Trending Newsඑසැන පුවත්දේශීය

රියදුරු බලපත්‍ර අලුත් කිරීමේ ගාස්තු ඉහළ දැමීමේ සූදානමක්

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව රියැදුරු බලපත්‍ර අලුත් කිරීමේ ගාස්තු සියයට 15% කින් වැඩිකිරීමට සූදානම් වේ.

ප්‍රවාහන අමාත්‍යාංශයද මේ සඳහා සිය අනුමැතිය ලබාදී ඇති බවට එම අමාත්‍යාංශයේ ආරංචි මාර්ග තහවුරු කරයි.

දැනට රියැදුරු බලපත්‍ර අලුත් කිරීම සඳහා දිනෙන් දින සේවාව යටතේ රුපියල් 4,500 ක්ද, සාමාන්‍ය සේවාව යටතේ රුපියල් 3,500 ක්ද අය කෙරේ.

එමෙන්ම, කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළේදී විදේශිකයන්ට රියැදුරු බලපත්‍ර නිකුත් කිරීමේ ගාස්තුද සැලකිය යුතු ලෙස වැඩි කර ඇත. ඒ අනුව, රුපියල් 2,500ක්ව පැවති එම ගාස්තුව රුපියල් 15,000 හෝ ඊට වැඩි අගයක් දක්වා ඉහළ දමා තිබේ.

Related posts

අපරාධකරුවන්ට හොර පාස්පෝට් හදපු 3ක් අත්අඩංගුවට

Mohamed Dilsad

சர்வதேச மனித உரிமைகள் பேரவையினால் வெளியிடப்பட்டுள்ள அறிக்கை குறித்து பிரதமர்

Mohamed Dilsad

Seven local fishermen engaged in illegal fishing nabbed by the Navy

Mohamed Dilsad

Leave a Comment