දේශීය

අපරාධකරුවන්ට හොර පාස්පෝට් හදපු 3ක් අත්අඩංගුවට

විවිධ අපරාධකරුවන්ට රටින් පැන යාම සඳහා ව්‍යාජ ගුවන් ගමන් බලපත්‍ර සකස් කිරීමේ සිද්ධියකට අදාළව පුද්ගලයින් තිදෙනෙකු කඩවත සහ හෝමාගම ප්‍රදේශවල දී අත්අඩංගුවට ගෙන තිබේ.

 

ගෝනහේන පොලිස් විශේෂ කාර්යය බළකා නිලධාරීන් විසින් සිදුකළ වැටලීමකදී කඩවත ප්‍රදේශයේදී අදාළ සිද්ධියට සම්බන්ධ පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන්ය.

 

ඒ අනුව ඔවුන් දෙදෙනාගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලට අදාළව ඊට ආධාර අනුබල දුන් තවත් සැකකරුවෙකු හෝමාගම ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබේ.

 

අත්අඩංගුවට ගත් සැකකරුවන් කිරිල්ලවල, පිළියන්දල සහ පන්නිපිටිය ප්‍රදේශවල පදිංචිකරුවන් වන අතර ඔවුන්ගෙන් රැඳවුම් නියෝග මත ප්‍රශ්න කෙරෙන බව පොලීසිය පැවසුවේය.

 

 

Related posts

සියළු බන්ධනාගාර අමුත්තන්ට වැසේ

Mohamed Dilsad

9 වන පාර්ලිමේන්තුවේ සිව්වන සභාවාරය අද

Mohamed Dilsad

වසර 5 ට වැඩි පළපුරුද්ද සහිත ලංගම සියලු කොන්ත්‍රාත් සේවකයන් ස්ථිර කරයි

Mohamed Dilsad

Leave a Comment