දේශීය

අධිකරණ සිරකුටියේ සිටි රැඳවියාට කුඩු පැකට් දුන් පුද්ගලයා මාට්ටු

කැස්බෑව මහෙස්ත්‍රාත් අධිකරණ සිරමැදිරියේ රඳවා සිටි රැඳවියෙකුට මත්ද්‍රව්‍ය අඩංගු පාර්සලයක් ලබාදීමේදී පොලිස් නිලධාරියෙකුගේ නෙත ගැටීමත් සමගම අධිකරණ භූමියෙන් පළායාමට උත්සාහ දැරූ පුද්ගලයෙකු දැඩි පරිශ්‍රමයක් දරා අත්අඩංගුවට ගත් බව කැස්බෑව පොලීසිය කියයි.

 

රැඳවියා වෙත ලබාදී තිබූ කුඩා පාර්සලය පොලිස් බාරයට ගෙන පරික්ෂා කිරීමේදී එය තුළ හෙරොයින් මත්කුඩු ග්‍රෑම් 10ක්, අයිස් මත්ද්‍රව්‍ය පැකට්ටුවක් සහ දුම්කොළයක් තිබූ බව පොලීසිය සඳහන් කරයි.

 

කැස්බෑව අධිකරණයේ වැඩබලන මහෙස්ත්‍රාත්වරයා දිවා විවේකය සඳහා නඩු කටයුතු කල්තබා තිබූ අවස්ථාවේදී සිරමැදිරිය ඉදිරිපිට තිබෙන බැංකුව මත අසුන්ගෙන සිටි සැකකරු කිසියම් කුඩා පාර්සලයක් සිරමැදිරිය තුළට ලබාදෙන අයුරු එහි රාජකාරියේ යෙදී සිටි පොලිස් කොස්තාපල්වරයා දැක තිබුණි.

 

එහිදී වහා ක්‍රියාත්මකවූ පොලිස් නිලධාරියා සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා ඔහු අසලට ගමන් කිරීමත් සමඟම ඔහු පළායාමට උත්සාහ දරා ඇති නමුත් සැකකරුව අත්අඩංගුවට ගැනීමට ඔහු සමත් විය.

 

අත්අඩංගුවට ගත් සැකකරු 33 හැවිරිදි කළුතර වස්කඩුව ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

Related posts

පදවි ප්‍රාප්තිය වෙනුවෙන් උත්සව අනවශ්‍ය බවට ජනපතිගෙන් නිවේදනයක්

Mohamed Dilsad

පොලී අනුපාත අඩු වීම ඉදිරි සති කිහිපය ඇතුළත

Mohamed Dilsad

නාවික හමුදාවේ තවත් 7 කට කොරෝනා

Mohamed Dilsad

Leave a Comment