දේශීය

වසර 5 ට වැඩි පළපුරුද්ද සහිත ලංගම සියලු කොන්ත්‍රාත් සේවකයන් ස්ථිර කරයි

(UTV | කොළඹ) – ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලයේ කොන්ත්‍රාත් පදනම මත සේවය කරන වසර 5ට වැඩි පළපුරුද්ද සහිත සියළු සේවකයන් ස්ථිර කිරීමට පියවර ගන්නා බව ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පැවසීය.   

ඒ මහතා මේ බව සඳහන් කළේ පසුගිය 23 වන දින පාර්ලිමේන්තුවේදී පැවති ප්‍රවාහන කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේදීය.

මේ අතර, කාලාන්තරයක් තිස්සේ පවතින රියදුරු උපදේශක පුරප්පාඩු සම්පූර්ණ කිරිම සඳහා එළඹෙන මැයි මාසයේදී අදාල විභාගය පවත්වා බඳවා ගැනීම් සිදුකිරීමට කටයුතු කරන බව ප්‍රවාහන රාජ්‍ය අමාත්‍යවරයා මෙහිදී සඳහන් කළේය.

රට පුරා ඇති උප ඩිපෝ බස් රථගාල ලෙස පමණක් භාවිත කිරීමට සහ ඒවාට අදාල පරිපාලන කටයුතු ප්‍රධාන ඩිපෝ මගින් පමණක් සිදු කිරීමටත් ඒ මගින් රට පුරා බස්රථ ප්‍රවාහනය ක්‍රමවත් සහ කාර්යක්ෂම සේවාවක් බවට පත් කිරීමටත් අමාත්‍යාංශය කටයුතු කරමින් සිටින බවද රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.

 

Related posts

තවත් කොරෝනා ආසාදිතයන් 506 ක් පූර්ණ සුව අතට

Mohamed Dilsad

නිරෝධායන නීති කැඩූ පිරිස 80,560 දක්වා ඉහළ යයි

Mohamed Dilsad

ඕමානයේ සැඟව සිටි පාතාල නායකයෙක් අත්අඩංගුවට

Editor O

Leave a Comment